
(අංජුල මහික වීරරත්න)
නාය යාම් සිදුවූ පෙදෙස් ආශ්‍රිත පාසල් වෙනත් සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය.
නාය ගිය පෙදෙස් ආශ්‍රිතව ඇති පාසල් නැවත එම ස්ථාන වලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හදුනාගෙන විද්‍යාත්මක පදනමක් මත ඒවා වෙනත් ස්ථාන වල ස්ථාපිත කෙරෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ යුනිසෙෆ්සංවිධානයේ නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
විපතට පත් ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සහ හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගා සිටුවීමත් සඳහා රජය ක්‍රියා කරමින් සිටින ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
පාසල් වල යටිතල පහසුකම් යළි ඇති කිරීම, ඇතැම පාසල් එකට සම්බන්ධකර පවත්වාගෙන යාම, ඩිජිටල් හා තාක්ෂණික උපාය මාර්ගවලින් ඉගෙනුම් හා ඉගෙනීම් ක්‍රියාවලිය පහසු කිරීම, විශේෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම වැනි අංශ පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවත්, රජය මෙම ගැටලු දෙස ගැඹුරින් බලමින්, එයට දිගුකාලීන විසඳුම් සෙවීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන සලසමින් මව්පියන්ට අමතර බරක් නොවි නැවත දරුවන් පාසල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව අග්‍රාමාත්‍යවරිය කීවාය.
දරුවන්ට,නිවසට පසු ආරක්ෂිතම ස්ථානය පාසල බැවින් එහිදි ඔවුන්ගෙ මානසික සෞඛ්‍ය සාධනීය මට්ටමකට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්කරලීමට රජයක් වශයෙන් දක්වන කැපවීම සහ ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ යුනිසෙෆ් නියෝජිත පිරිස රජයට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම්, ලක්ෂ්මී සුරේෂ්කුමාර්, නිශාන්ත සුබාෂ් , යෂිංක ජයසිංහ යන මහත්ම මහත්මීහු ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ දක්ෂිණ කස්තුරිආරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් ගුණරත්න, උදාර දික්කුඹුර මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාය ගිය පෙදෙස් වල පාසල් වෙන තැන් වලට
sam Sunday, 21 December 2025 04:01 PM
මේ වැඩේ හැමදාම රජයකට කරන්න බැහැ . අනවසර ඉදිකිරීම්, අනවසර පදිංචි සියල්ල අයින් කරලා දාන්න ඕනේ. රටේ අපිට තියෙන්නේ ගංවතුර එන්න පුළුවන් ගංගා කිහිපයයි. ඒ ගංගා වලට තව අවුරුදු 100ක් ගියත් මේ වගේ වැස්සක් ආවත් ගංවතුර ඇවිත් යටවෙන ප්‍රදේශ ටික සර්වේ කරන්න පුළුවන් ඒ කලාපයම අයින් කරන්න ඕනේ. එහෙම නොකරන්න කී පාරක් මේ තාවකාලික විසඳුම් දෙන්නද. රටේ ආර්ථිකයට වෙන හානිය.... මේවා කරන්න තිබ්බේ පසුගිය ආණ්ඩු. ඒ කාලවල් වල තමයි ගංගා අවට මිනිස්සු පදිංචි වෙලා,මෝය කටවල් වහල දාන තරමට පදිංචි වෙලා. ගංවතුර කාලෙට රට නන්නත්තාර වෙන විදියට හැදුවේ.