
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංග්ස් මහතා හදපු එක ගොඩනැගිල්ලකටවත් කාලගුණ ආපදාවෙන් හානි නොවූ බවත් එමගින් රටට ලොකු පාඩමක් කියා දෙන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය
අඩු තරමින් ඒ ගොඩනැගිලි වලට එක වතුර අඟලක් හෝ පැමිණ නැතැයි කී අගමැතිවරිය සුදුසු තැන්වල විද්‍යාත්මක ආකාරයට ගොඩනැගිලි තනන්නේ නම් කිසිදු ආපදාවක් ඇති නොවන බව එමඟින් පාඩමක් දුන්නේ යැයිද සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ රුපියල් කෝටි පනස් දහසක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය
හරිනි අමරසූරිය මෙනවිය මෙසේද කීවාය
මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියා. අපිට එතනිනුත් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. සර් අයිවෝ ජෙනින්ග්ස් හදපු එක ගොඩනැගිල්ලකටවත් හානි වෙලා නෑ. අඩුම තරමින් වතුර අඟලක්වත් ගිහින් නැහැ. මොකක්ද ඒකෙන් අපිට කියලා දෙන පාඩම. විද්‍යාත්මකව සුදුසු තැන්වල ගොඩනැගිලි හදනවා නම්අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. තිබිය යුතු ප්‍රමිතිය ගැන හිතන්නෙනැතුව පරිසරය ගැන හිතන්නේ නැතුව ගත්තු තීන්දු තීරණ නිසා තමයි විනාශය. මේක හැම තැනටම පොදු තත්වයක්.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකරණ ගණනාවකට හානි වෙලා. මෙම ආපදා අවස්ථාවේදී විවිධ පුද්ගලයන් විශාල වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ කැපවීම අපි අගය කරන්න ඕන.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩනැගිලි නම් හදන්න ඇත්තේ මේසන්/ වඩු මහත්තුරු. සැලසුම් කරන්න ඇත්තේ වාස්තු විද්‍යාඥයෝ සහ ඉංජිනේරුවෝ. පීත්ත පටිය කපන්න ඇත්තේ ජෙනිංස්...
අයිවෝ ජෙනින්ග්ස් බිල්ඩින් එක හැදුවේ අයිවෝ ජෙනින්ග්ස් නෙවේ කියලා මේ අම්මණ්ඩි දන්නවා ඇති නේද? ඒක නම් යට වුන් නෑ, හේතුව හන්තාන කන්ද මුදුනෙ හදලා තියෙන නිසා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගොඩනැගූ ආකාරය පිළිබඳ අල්ප මාත්‍ර දැනුමක් නැති කාන්තාවකගෙන් අපට කුමක් බලාපොරොත්තු විය හැකිද? එය ගොඩනැගුවේ එවකට උපකුලපති අයිවෝ ජෙනිග්ස්ගේ නායකත්වයෙන් නොව, එංගලන්තයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගෙන්වූ සර් ජෝන් වගේ නායකත්වයෙන්
සර්. අයිවෝ.. කයිය නවත්තලා අර සහන කඳවුරුවල ඉන්න මිනිස්සුන්ට ඉඩම් දීපල්ලා..