(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

"බෙල්ලනගේ වැඩ තහනම් කරලා. එයාට බාල බෙහෙත් ගැන කතා කරන්න අයිතියක් නැද්ද? වැඩ තහනම් කරලා තියෙන්නේ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළා කියලා.

මම මේ කතා කරන්නේ මූලික අයිතීන් ගැන. සෞඛ්‍ය කියන්නේ මූලික අයිතියක්.බාල එන්නත් ඉතා දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. නමුත් වැඩ තහනම් වෙලා තියෙන්නේ කාගේද? බෙල්ලන මාධ්‍යයට කතා කලා කියලා එයා ගෙදර යවලා.මේකෙ තියෙන සාධාරණත්වය මොකක්ද?බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වන උදවියට යුක්තිය ඉටු කරන්නේ බෙල්ලනගේ මූලික අයිතිය කඩලා