(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ජල ගැලිමට මැදිවු වනාතවිල්ලුව කරතිව් සිංගනාගවිල්ලුව ගම්මානය අඩි 10 කට වැඩි ජල කදකින් මේ වන විටත් පිරි යාමේන් එම නිවාස වල පදිංචිව සිටි 50 කට ආසන්න පිරිස මේ වන විට එම ගම්මානයෙ සිට කිලෝ මිටර් දෙකකට ආසන්න දුරකින් පිහිටි මදර්සා පාසලක රැදි සිටියද එහි රැදි සිටිමට ඉඩ දී ඇත්තේ තවත් දින 15 ක් පමණක් බව එම පදිංචිකරුවෝ පවසති.
කරතිව් සිංගනාගවිල්ලුව ගම්මානය මෙලෙස ජලයෙන් යටවි ඇත්තේ පැවති මහ වැසිත් සමග ගලා ආ දැවැන්ත ජල කදකින් ඒ ආසන්නයෙ පිහිටි විල්ලුවේ ජලය ගම්මානය සම්පුර්ණයෙන් වසා අඩි දහයකට ආසන්න ජල කදකින් පිරි යාම හේතුවනේ බව ජනතාව පවසති.පසුගිය නොවැම්බර් 27 දින ගලා ආ දැවැන්ත ජල කදකින් පසු මෙම ගම්මානය මෙලෙස යටවි ඇති බව කියයි.
මෙලෙස ජල කදකින් වැසි ගොස් ඇත්තේ සිංගනාගවිල්ලුව කතෝලික දේවස්ථානය, පෙර පාසල හා ගම්මානයෙ නිවාස 13 ක් බව කියයි.
එලෙස එම පිරිසට පාසලින් ඉවත්වන ලෙසට දන්වා ඇත්තේ එහි අධ්‍යන කටයුතු සදහා බව කියයි.
මේ වනවිට අසරණව සිටින පිරිස් මෙලෙස පවසන්නට විය.බුහාරි මොහොමඩ් ෆාරුක් මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“අපි මේ වන විට අන්ත අසරණ වෙලා ඉන්නේ කරන්න කිසිම දෙයක් නැතුව ඉන්නේ.ගෙවල් වලට දාලා තියෙන වතුර කවදා බහිද දන්නේ නැහැ.ඒ නිසා අපිට නැවත ඒ ගම්මානයට යන්න බැරි වෙයි .ඒ නිසි අපිට රජයෙන් දෙන නිවාස වන්දිත් අනිකුත් ආධාරත් දිලා ඉඩමක් අරන් දුන්නොත් වෙනත් තැනකට යන්න අපි කැමතියි.නැත්නම් ලොකු කරදයක් අපිට වෙනවා යැයි පවසන්නට විය.

COMMENTS