කුරුවිට පාළු පාරකදී තරුණියක් මරා දාලා කුරුවිට , දෙවිපහළල දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගම මාර්ගයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණියක ඊයේ (02) ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි. 03 July 2025
තැනින් තැනට අද වැසි තත්වයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 July 2025
රනිල්-මක්ස්ට කෘතඥතාව පළ කරයි සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ. 02 July 2025
කහවත්ත ඕ.අයි.සී යාපනයේ සාමාන්‍ය රාජකාරිවලට කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 July 2025
බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක වීසා දීලා බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. 02 July 2025
පරණ ප්ලේන් එකක් කොළඹ වටේ කරකැව්වටත් උත්තර බඳින්න වේවි අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 July 2025
ජනාධිපති ලේකම්- නෙදර්ලන්ත තානාපති හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි 02 July 2025
ඊලෝන් මසක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු බිලියනපති ඊලෝන් මසක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අද (02) ප්‍රකාශ කළේය. 02 July 2025
අල්ලස් කොමිසම කැඳවද්දී රාජිත ලෙඩ වෙලා කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව අද(2) දැනුම් දී ඇත. 02 July 2025
ඇඟිලි සලකුණු යන්ත්‍ර පසෙක තබා කෝටි 3923ක OT ගෙවලා සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන අක්‍රියව තිබියදී නීති විරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3923ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 02 July 2025
බැංකුවලට සානුකම්පිත වන්නැයි උපදෙස් දීලා ‘පරාටේ’ නීතිය බලගැන්වීමේදී සානුකම්පිතව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශය බැංකු සංගමයට උපදෙස් දුන් බවත් මෙරට ආර්ථිකය පිළිබඳව වගකිවයුතු ආණ්ඩුවක් කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් බැංකුවලට ලිඛිත නියෝගයක් දීම බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා අද (2) පැවසීය. 02 July 2025
‘‘විශ්වාසය දිනා ගැනීම ආර්ථික වර්ධනයට අත්‍යාශ්‍ය කරුණක්‘‘ ව්‍යාපාරවලට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ ඇති කරමින් විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම මෙරට ධනාත්මක කල් පවතින ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා පැවැසුවේය. 02 July 2025
ලංකාවට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ඕනෑ ලංකාවට සාර්ථක රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් අවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 02 July 2025
දේශපාලන ප්‍රබලයෝ 2ක් අද - හෙටම අත්අඩංගුවට දේශපාලන ක්ෂෙත්රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 July 2025
නෝර්වුඩ් සභාපති පොලිස් ආරක්ෂාව මැද වැඩ අරඹයි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගත් ජාතික ජන බලවේගයෙන් පසුව ස්වධීන වූ නව සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද දින එම සභාවට පැමිණ සර්ව ආගමින වතාවත් පවත්වා එම ධුරයේ වැඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය. 02 July 2025
පෞද්ගලික අංශයේ සේවයෝ විරෝධතාවක පෞද්ගලික අංශයේ සේවකයන්ට අයවැය සහනයක් ලෙස ලැබුණු රුපියල් 2,500 ක දීමනාව අහිමිකිරීම සඳහා පනත සංශෝධනය කිරීමට විරෝධය දක්වමින් නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට අද (2) දහවල් විරෝධතාවක් පැවැත්විණි. 02 July 2025
’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’ බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 02 July 2025
ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටිය ’’බන්ධනාගාර බස් රථය’’ රතු වස්ත්රධාරියා අද කරන්නේ මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් සහන දීම නොව උගුරු දණ්ඩ මිරිකන එක යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 02 July 2025
මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප්රප්ත විය. 02 July 2025
ලොකුගේගේ වියෝව ලොකු පාඩුවක් ගාමිණී ලොකුගේ මහතාගේ වියෝව දේශපාලනික වශයෙන් පමණක් නොව පෞද්ගලික වශයෙන්ද සිදු වූ ලොකු පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 July 2025
න්‍යෂ්ටික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ. 02 July 2025
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ වංචා හොයන්න ජනාධිපති කමිටුවක් සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන් කොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ පසුගිය කාලයේ දී සිදු වී ඇති වංචා, දුෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
නෙදර්ලන්තයට ගෙන ගිය අපේ පුස්කොළ ගැන පර්යේෂණයක් නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
මව-දියණිය යාල් දේවියේ ගැටෙයි වවුනියාව ඕමන්ත පරනාට්ටංගල් හි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී අද (02) උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනයවු යාල්දේවි දුම්රියේ යතුරු පැදියක් ගැටී කාන්තාවක සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 02 July 2025
අක්ෂිකාච ගන්න ප්‍රසම්පාදන දෙයි අක්ෂිකාච සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
යෝෂිතට - ඩේසිට අධි චෝදනා උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් සන්තකයේ තබා ගත්තේ යැයි මුදල් විසුද්ධිකරණය පනත යටතේ චෝදනා ලද යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරේස්ට් විත්තිකරුවන්ට අධි චෝදනාපත්‍ර භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ අද සිදු කළේය. 02 July 2025
ඖෂධ හිඟය දුරලන්න අවබෝධතා ගිවිසුමක් රජයකින් - රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන් වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
තැන් 20ක සනීපාරක්ෂක පහසුකම් දියුණු කරයි දිවයින පුරා නාගරික ප්‍රදේශ වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
ගමේ අයගේම උදව්වෙන් ගම සංවර්ධනය කරන වැඩක් අරඹයි ප්‍රජා ඵලදායී ආදර්ශ ගම්මාන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2025
කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගුව සොයා ගනී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සගවා තිබී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 02 July 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026