මහනුවර වීඩියෝවක් ගැන පොලිසියෙන් විමර්ශන
’’අනේ යනවා ඕයි යන්න , බම්බුව, රෙද්ද අස්සෙ රිංගනවා ’’ යැයි මහා හඩින් මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතු වන්දනා කිරීම සඳහා රැස්ව සිටි සැදැහැවතුන් දහසක් දෙනා ඉදිරිපිටදී පොලිස් නිලධාරියකු විසින් යුද හමුදා පොලිසියේ නිලධාරියකුට බැන වදින වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.