
(ටී.කේ.ජී.කපිල )
යුරෝ මිලියන 5,000 ක් වටිනා ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණියේය.
මෙම ගුවන් යානය තුළ කූඩාරම් , ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් තිබුණි .
මේවා රැගත් බෝයිං - 747 - 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්..මිලියන 5000ක්.. පිස්සු හැදෙයි.. එහෙනමි ් කියන්නෛ යුරෝ ලක්ස 50000ක්... ඒ කව්වේ රැ මිලි 1,825,000ක්... ලංකාවම එක ප්ලේන් එකෙන් ගොඩ
යුරෝ මිලියන 5000 කියන්නේ ඩොලර් බිලියන 5කට වඩා වටිනා වෙනවා නේ. මම හිතන්නේ යුරෝ මිලියන 5ක් වටිනා බඩු වෙන්න ඇති.
නැවත ප්‍රමාණය පරීක්ෂා කරන්න.
මේ ලියන තියෙන ගාණ වැරදියි. යුරෝ මිලියන 5,000 කියන්නේ US $ බිලියන් 6ක් වගේ. ලංකාවේ මුළු විනාශයත් එච්චර වෙන්නේ නැහැ. අනික එක රටක් කීයටවත් ඒ වගේ ගාණක් ආධාර දෙන්නේ නැහැ.
අංක චෙක් කරන්න.
උගන්ඩාවේ ඩොලර් ජර්මනියෙන් ආවා වෙන්න බැරිද?