
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2024 වර්ෂය වන විට අවුරුදු පනහක් සම්පූර්ණ වීම සනිටුහන් කිරීම, දෙරටෙහි රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටෙහි ජනතාව අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීම යන අරමුණු සහිත ව දෙරටේ ඓතිහාසික ස්ථාන පදනම් කර ගනිමින් සමරු මුද්දර දෙකක් නිකුත් කිරීමට යෝජනා වී තිබේ.
ඒ අනුව, අදාළ සමරු මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සෞදි තැපැල් සංස්ථාව (Saudi Post Corporation) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd