පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කරලා එකට මත්පැන් පානය කර බඩට පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 01 July 2025
සහල් වෙළෙන්දෝ වෙළෙඳකටයුතුවලින් ඉවත්වෙති සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. 01 July 2025
ශෂි වීරවංශට එරෙහි නඩුව විභාගයට දින දෙයි ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද(01) දින නියම කළේය. 01 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 July 2025
පරාටේ නීතිය බලාත්මක වීමෙන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 30 June 2025
මැතිසබේ විශේෂ රැස්වීමට දුර බැහැර මන්ත්‍රීලා නෑ පාර්ලිමේන්තුවේදී අද(30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි. 30 June 2025
යොහාන් සට් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයට ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත්කර ඇත. එම පත්වීම අද(01) සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 30 June 2025
ඩීසල් - පෙට්‍රල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 June 2025
ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය. 30 June 2025
‘පරාටේ’ නීතිය බලගැන්වේ බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරාගැනීමේ බලය හිමිවන අත්හිටුවා තිබූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය. 30 June 2025
‘මාලිමාව’ පුංචි ආණ්ඩු 219ක බලය පිහිටුවයි ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219 ක බලය පිහිටුවීමට අද (30) පස්වරුව වන විට සමත්ව සිටියේය. 30 June 2025
තෙත වීවලට අවම මිලක් ගොවීන්ට යළ කන්නයේ වී අළෙවි කිරීමේදී තෙත වී අළෙවි කිරීම අවස්ථාව දෙමින් තෙත් වීවලට අවම මිලක් නියම කළ බවත් ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102 කට, තෙත සම්බා වී කිලෝවක් රුපියල් 105 කට සහ තෙත කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112 කට මිලදීගත හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (30) පැවසීය. 30 June 2025
භික්ෂු විනය කතිකාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් භික්ෂු විනය පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එය ඉදිරියට ගෙන යාමට රජයට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 June 2025
අප්‍රිකාවේ තානාපති පුටුවට හිටපු ගුවන් ලොක්කෙක් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. 30 June 2025
ෂාරුක් ඛාන් එනවා ! බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් එලැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහාය. 30 June 2025
වී ගන්න කෝටි 650ක ණය බැංකුවලින් යළ කන්නයේ වී අස්වනු මිලදීගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිතිවලට සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 6,500 ක් හෙවත් රුපියල් කෝටි 650 ක් වෙන්කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. 30 June 2025
උද්ධමනය තවත් ඉහළ යයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) පැවසීය. 30 June 2025
මැතිසබේ සුපිරි රථ දෙකක් විකුණයි: කෝටි අටක ආදායමක් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක් විකුණා රුපියල් අට කෝටි විසි නව ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන ඇත. 30 June 2025
රාමඤ්ඤ මහා නිකායේ ජාතික උපසම්පදා මහෝත්සවයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වැනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරිණි. 30 June 2025
මාළුවාගේ හොට ඇනී ධීවරයා මරුට වාලච්චේන ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රවක ධිවරයකු මුහුද මැදදි මසුන් අල්ලමින් සිටියදි දැලට හසුවු කොප්පරු මාලුවකු ගොඩ ගැනිමට උත්සහ දරණ අවස්ථාවේදි ධිවරයා මාලුවා මතට වැටි මාළුවාගේ උල සහිත හොට බඩේ ඇනිමෙන් මියගොස් තිබේ. 30 June 2025
ග්‍රාම නිලධාරීහු මානව හිමිකම් කොමිසමට යති ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් ග්‍රාම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද එම කොමිසමට නැවත වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 30 June 2025
අධ්‍යාපන සංවර්ධන නිලධාරිය නිරුවත් ඡායා සෙල්ලමක හිගුරක්ගොඩ කළාප අධයාපන කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන නිළධාරියෙක් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාල නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළදාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 30 June 2025
හිරුණිකාගේ නඩුව 08 වැනිදාට කල් යයි වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇතුළු 15 දෙනාට එරෙහි විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දෙසැම්බර් මස 8 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (30) නියෝග කළාය. 30 June 2025
මල්වතු විහාරයෙන් කරුණු පැහැදි කරයි මල්වතු මහා නාහිමියන් සම්බන්ධ කර ගනිමින් සාවද්‍ය පුවත් නිර්මාණය කරනමින් මහජන කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන් සහ සංවිධානවලට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ උප ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. 30 June 2025
දුමින්දගේ ඇපැලට දින දෙයි රන් අලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී සොයා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ගොනු කළ ඇප ඇයැදුම්පත ජූලි 14 වැනිදා විමසා බැලීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (30) තීරණය කළේය. 30 June 2025
’’හිතුමතේ රටේ මුදල් නාස්තියට විලංගු දැම්මා’’ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මගින් හිතුමතේ රටේ මුදල් නාස්ති කරන්න හැකියාවක් නොලැබෙන ලෙස විලංගු දැමීමක් කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 June 2025
පහුගිය ආණ්ඩු වැඩ කළේ මූල්‍ය ගැන කිසි සැලැස්මක් නැතිව පසුගිය වර්ෂ ගණනාවක් පුරා ආණ්ඩු කටයුතු කළේ ඉදිරි මූල්‍ය ක්‍රමෝපාය ගැන කිසිම සැලැස්මක් නැතිව බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 30 June 2025
’’ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන කිසි විශ්වාසයක් නෑ’’ මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නැති නිසා බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 30 June 2025
’’පරාටේ’’ බලගන්වා ව්‍යවසායකයන් හොම්බෙන් අරින්න හදනවා හෙට අනිද්දා පරාටේ නීතිය ක්‍රියාත්මක කොට ව්‍යවසායකයන් හොම්බෙන් යවන්න හදන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(ස.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 30 June 2025
රේගු බහාලුම් ගැන කමිටු වාර්තාව මුජිබුර් සභාගත කරයි රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්නට ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාව ආණ්ඩුවෙන් ප්‍රසිද්ධ නොකරන නිසා තමා එය සභාගත කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 30 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026