
( නිශාන්ත කුමාර)
නාය යාම් හා පස්කදු කඩාවැටීම් හේතුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින අතර එම මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල දක්වා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරවීමට අවසර ලබා දුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උඩපලාත දිස්ත්‍රික් ඉංජිනේරු දනූශ්ක දිසානායක මහතා පැවසීය.
අලුත්වැඩියා කරන ලද දුම්රිය මාර්ගය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂා කොට සහතිකයක් ලබාදීමෙන් පසුව මගී දුම්රිය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක් - ධනුෂ්ක දිසානායක ඇතුළු කණ්ඩායම
කොටුවේ ඉඳලා බදුල්ලට යන්න හම්බවෙන්නේ කවද්ද? රාගම ස්ටේෂන් එකේදී අහන්න ලැබෙන බදුල්ල දක්වා නවත්තන ස්ථාන ගැන කියාගෙන යන එක ආයේ කවද්ද අහන්න ලැබෙන්නේ...
මට හිතෙනවා මහනුවර කොළඹ දුම්රිය යථා තත්වයට පත් වනතුරු කොළඹ සිට එන දුම්රිය හැකි පමණ දුරක් පැමිණ නුවර සිට කොළඹට එන දුම්රිය හැකි පමණ දුරක් පැමිණ මගින් දුම්රිය දෙකට මරුකර දුම්රිය සෙවය පවත්වාගෙන යන්න හැකිද කියා සොයා බැලුවොත් හොඳයි නේද?