
(නිමල් ජයරත්න)
පොළොන්නරුව ලංකාපුර දී ප්‍රදේශයේ දී පුද්ගලයකුට පහරදී දත් හතරක් කඩා බරපතල තුවාල සිදු කළැයි කියන ලංකාපුර ප්‍රාදේශිය සභා මන්ත්‍රී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් ශලණි ගුණවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදාරින ලද්දේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොම්මදු කාසිම් අබ්දුල් සමඩ් නමැත්තෙකි.
සැකකරු යළි ජනවාරි 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේයෙ
අල්හිලාල්පුර තඹාල ප්‍රදේශයේ පදිංචි කුප්පතම්බි මොහොමඩ් අස්වර් යන අයට පහරදීමෙන් අනතුරුව දත් හතරක් කැඩි ඇති බවට පුලස්තිපුර පොලිසියට ලැබුණු පැමිණිලි මත සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් මත පුලස්තිපුර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මෙහෙම ඇපදීමක්
චන්ඩි සර්ප ජනබයියෙක්...
දත් 16ක්කැඩුවා නම් ඇප දෙන්නේ නැත්ද?
දත් 4ක් ගැලවිලා යන්න ගහලත් ඇප ලැබෙනවාද?