
(රොෂන් තුෂාර)
වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම්(රුපියල් 57347956.98) උපයා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍යය සී.බී රත්නායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 2011 මාර්තු 31 දින සිට 2013 මාර්තු 31 දින දක්වා කාලයතුළදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ වියදම් ප්‍රමාණයක් කිරීමේ සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
රාගල පිහිටි කෝටි ගණනක් වටනා ඉඩමක් මිලදී ගැනීම,එන් බි ආර් සන් නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම,තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම,සිය හිතවතුන් සඳහා ඩුබායි සංචාරවලට මුදල් සැපයීම,හිතවත් තැනැත්තෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම,නැසී ගිය සහෝදරයකු වූ එස් බී රත්නායක මහතාගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් 2023 අංක 19 දරන දූෂණ විරෝධී පනත අනුව මෙම විමර්ශනය සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුත්, හොරුන්ගේ කටු කාපු උන්ට මේ රජයට වසරක සිට දැඩිලෙස වියරු වැටි ඇත