
(යොහාන් භාසුර)
හිතවත් විගණකාධිපතිවරු පත්කර රජයේ වංචා වසාගනිමින් රටේ ජනතාවට දුන් පොරොන්දු කඩකිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (15) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙරට විගණකාධිපති තනතුර මෙම වසරේ අප්‍රේල් මස 8 වැනිදා හිස්වූ පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට අද වනතුරු සුදුසු නව විගණකාධිපතිවරයකු පත්කිරීමට නොහැකි වී ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එම කනතුරට සුදුසු නිලධාරීන් සිටියදී ප්‍රමාදයට හේතුව කුමක්ද යන කාරණය ඉතාම බැරැරුම් එකක් බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආණ්ඩුවක් කළ විශාලතම වංචාව වරායේ කන්ටේනර් 323 ක් හොරෙන් එළියට දැමු සිදුවීම සහ විගණකාධිපතිවරයා පත්කීරිමට දරණ උත්සහය පිටුපස යම්කිසි සහසම්බන්ධයක් තිබෙනවාද කියන සැකය මතුවන බව කී කාරියවසම් මහතා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන්ගේ හිතවතෙක් විගණකාධිපතිවරයා ලෙස පත්කරගැනීමට සූදානම් වන්නේ මුදල් ඇමතිවරයා හැටියට ඔහු යටතේ තිබෙන රේගුව කළ මහා වංචනික ක්‍රියාව යටගහන්නද? නැතිනම් මේ වංචනික ක්‍රියාව සාධාරණිකරණය කරන්න ඔහුට හිතවත් විගණකාධිපතිවරයෙක් පත්කිරීමට උත්සහ දරනවාද යන ප්රශ්නය මතුවන බව ද සඳහන් කළේය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මේ වන විට කීපවතාවක් වැඩබලන විගණකාධිපතිවරයා හැටියට පත්කර ඇති බවත් ඔහු වැඩබලන විගණකාධිපතිවරයා හැටියට හොඳින් කටයුතු කර තිබෙන අතර එහෙම තත්වයක් යටතෙ තමන්ට හිතවත් පුද්ගලයෙක් මෙන්ම සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පිටින් ගෙනත් විගණකාධිපති තනතුරේ වාඩි කිරීමට උත්සහ කරන බවත් ඔහු කීය.
මහා කන්ටේනර් වංචාව විගණකාධිපතිවරයා ලවා සාධාරණිකරණය කරගන්නද කියන ප්රශ්නය මේ රටේ ජනතාවට ඇති වී තිබෙන අතර ඒ නිසා මාස අට වැඩි කාලයක් රටේ ජනාධිපතිවරයාට විගණකාධිපතිවරයෙක් පත්කරන්න හැකියාවක් නැති වෙනවා කියන කාරණය සාධාරණ නොවන බව කී කාරියවසම් මහතා පැවසුවේ ඔබතුමාට හිතවත් විගණකාධිපතිවරු පත්කරගෙන මේ රටේ කරන වංචා වසන්න උත්සහ කරනවානම් ඔබතුමා මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ටකරන්නේ මේ ආකාරයටද යන ප්රශ්නය රටේ ජනතාවට ඇති වන බවත්ය.
එළියට පේන්නේ නැති වුණාට වැඩේ ලස්සනට යටින් ගානට යනවා කියන කාරණයක් ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍යවල යන ප්‍රසිද්ධ කියමනක් බවත් මෙය ජනතා විමුක්ති පෙරමුණ නඩත්තු කරන ගිණුම් තුළ නිරන්තරයෙන්ම පලකරන එක් කාරණයක් බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුවේ හිතවතෙක් වුණාට කමක් නැහැ. මිනිහා වැඩකාරයෙක් නම්, එච්චරයි රටට අවශ්‍ය වන්නේ...
තමුන්ලා බලයේ හිටපු කාලේ කරපුවා නම් කියලා ඉවර කරන්න බැරි තරම්.. පට්ට හොරු, දූෂිතයෝ හෙන්චයියෝ කිට්ටු කරගෙන, රටම හොරා කාලා, විනාශම කරපු හැටි රටම දන්නවා.
මේ ආණ්ඩුවේ කෙලි බලන්නත් රජය පෙරළෙන්න ඕන. එදාට දැනගන්න පුලුවන් වෙයි. අධික ඒකාධිපතිත්වයකින් සහ අන්තවාදයකින් දැනට ගලා යන වගක් තියෙනවා..
කලින් ඕවාට පටවපු හෙන්චයියෝ හැටියට උඩම ඉන්න දෙන්නා තුන්දෙනා රාජපක්ෂලාගේ හන්චයියෝ වෙන්නත් බැරි නැහැ. ඉතින් ඒ කාලේ වෙච්ච හොරකන් වහගන්න රාජපක්ෂ හෙන්චයියෙක්ම ගෙන්න වගේ දත කන්නේ. නීතිපති කරන සෙල්ලනුත් මිනිස්සු නොදැන නැනේ. අනික කොහොමද ජෙෂ්ටත්වයට අනුව කියලා අර මිනීමරුවා වගේ එකෙක් තාමත් පොලිස්පති වෙලා හිටියා නම්. එහෙනම් කොහොමද මේ වගේ කුඩු එහෙම අල්ලන්නේ? කොහොමත් මේ ආණ්ඩුවේ වැඩට දක්ෂ නිලදාරියෙක් තාම ඔතෙන්ට ඕනේ එහෙම නැතිව කලින් ආණ්ඩුවේ හොරකන් ටික වහගන්න උදවු කරන කෙනෙක් නෙමේ...
අදූෂිත ආන්ඩුවට හිතවත් අදූෂිත පත්කර ගැනීම රටටත් ජනතාවටත් හොඳ දෙයක්! මෙයාලාට හරි අමාරුයි වගේ!!
මෙයා ඉතින් කොහොමත් කටුනේ කන්නේ... මොනවා හරි කියන්න ඕනේ ඉතින්. නැතිනම් පැවැත්මක් නැහැ.
ඔයාලගේ හිතවතෙක් පත් කරන්න කියලද අඩන්නේ....
ආන්ඩුවේ හිතවතෙක් නෙවෙයි ජනාධිපතිතුමාගේ කැම්පස් යාළුවෙක් කියලා නිවැරදි විය යුතුයි. ආරංචියේ හැටියට මිනිහා දන්න විඝණනයක් නම් නෑ.
සාගරයෝ, මේ ආන්ඩුව හොරු කුදලන නිසා හිතවතෙක් පත්කළත් හොරු කුදලයි..., ඒ ගැන සැකයක් තියාගන්න එපා කොල්ලෝ...
මෙතෙක් රජය විසින් සිදුකරන ලද පත්වීම් දිහා බලද්දී හැම තනතුරක් සඳහාම සුදුසුකම් සහිත පුද්ගලයිම් පත්කරලා තියෙනවා. ඒ නිසා කවුරු පත් කලත් මධ්‍යස්ථ ජනතාවට ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන්ම විගනකාධිපති වරයා ලෙස රජයට හිතවත් අයෙක් මිස රාජපක්ෂලාට හිතවත් අය්රෙක් පත්කරන්න පුළුවන් කමක් නෑ. අනෙක් කාරණය මේ වනවිට මේ රටේ සිටින බුද්ධිමතුන් ගෙන් 90% ක් ම රජය ගෙනයන වැඩ පිළිවෙලට පක්ෂයි.
තවම රාජපක්ෂ මන්තරය ජප කරනවා. මාලිමා මන්ද බුද්ධිකයින්.
පැලවත්තෙ ඉදන් අසූචි සෝදන ඩෝබියෙක් ගෙනැල්ලා දැම්මා නං ඉවරයිනේ...
කන්ටේනර් සිද්දිය පිළිබද සොයන්නට පත්කලා විපක්ෂ මන්ත්‍රීවරු 4 ක් සමග තවත් කීපදෙනෙක්... වාචාලයා වගේ පිස්සු දොඩවන්නේ නැතිව බොරුව සමාජගත නොකර හිටු අසුචි බුදින්නෝ... රාජපක්ෂ පාදඩ ගෙරියන්ගේ අසූචි කෑවාට කමක්නැහැ... හැබැයි අපිට කවන්න හදන්න එපා. තොපිට නැවත මේ රටේ කවදාවත් බලයක් නැවත ලැබෙන්න ජනතාව ඉඩක් දෙන්නේ නැහැ.
හිතවත් දක්ෂයෙක් තමයි දාන්න ඕනේ... නැතුව තොපිට හිතවත් එකෙක්ද දාන්න ඕනේ... ජනතාව 3/2 බලය දීලා තියෙන්නේ රාජපක්ෂ පාදඩයින්ට හිතවත් අය දාන්න නොවේ. මේ ආණ්ඩුව වගේ හොරකම් නොකරන බව ලෝකේම දන්නවා. කුලියට කහින්නේ නැතිව ඉන්න.