වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය. 29 June 2025
රටවල් 12කට ඇමෙරිකා ආධාර නැති වේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව ලබා දෙන අරමුදල් කපා හැරීමට ධවල මන්දිරය යෝජනා කර ඇත. 29 June 2025
2025 ජුනි වෙද්දී ඩෙංගු මරණ 16ක් : රෝගීහු 27,932 ක් මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු උණ රෝගීන් 27932 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 29 June 2025
මැතිසබයෙ හෙට කටයුතු මෙහෙමයි පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (30) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 29 June 2025
අල්ලස් කොමිසම ලොක්කන් 31කට දැල එලයි අල්ලස් දූෂණ සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදි විවිධ තරාතිරම්වල නිලධාරීන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි 29 June 2025
ධීවරයාගේ සල්ලි කෝටි පහක් පිනට දීලා ධීවර අමාත්‍යාංශය ගාල්ල කයිකාවල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්පොළක් ඉදි කිරීමට කොන්ත්‍රාත් සමාගමකට ගෙවා ඇති රුපියල් කෝටි පහක පමණ අත්තිකාරම් මුදලක් එම සමාගමෙන් ආපසු අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 29 June 2025
බහලුම් තදබදය අවසන් කොළඹ වරායේ තිබූ ආනයනය බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදය සම්පූර්ණයෙන්ම අද (29) පෙරවරුවේ අවසන් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 29 June 2025
හන්තානේ අතරමං වූ 8ක් බේරා ගැනෙති රටේමුල්ල ප්‍රදේශයේ තරුණ තරුණියන් අට දෙනකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී මංමුලා වී පැය ගණනාවකට පසු අද (29) අලුයම යුද හමුදාව සහ පොලිසිය මැදිහත්ව නිරුපද්‍රිතව පහළට රැගෙන ආ බව පොලිසිය කියයි. 29 June 2025
රජයේ සුපිරි වාහන වෙන්දේසිය ඉබි ගමනේ බොහෝ රාජ්‍ය ආයතනවල සුඛෝපභෝගී වාහන විකිණීම හෝ වෙන්දේසි කිරීම නිසියාකාරව සිදුව නැතැයි වාර්තාවේ. 29 June 2025
ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත. 29 June 2025
හිරගෙදර අවුරුද්දකට කෝටි 98ක් ’’ඕටී’’ ගෙවලා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතිකාල සහ නිවාඩු දීමනා වෙනුවෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි අනූ අටකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 29 June 2025
ගල්කුලමේ වෙඩි තැබීමට 5ක් අල්ලයි මහනුවර,යාපනය ඒ 9 මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදි පසුගිය 25 වැනිදා රාත්රියේදී 29 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු සැකපිට අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 29 June 2025
උඩරට මඟේ දුම්රිය ප්‍රමාදයක් උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 29 June 2025
නීති විරෝධීව ගෙන්වූ කෝටි තුනක වාහන බණ්ඩාරගමින් සොයා ගනියි කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකු නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනා සුඛෝ භෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. 29 June 2025
තැනින් තැනට පොඩෙි වැසි තත්වකය් බස්නාහිර සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 June 2025
තවත් ධිවර බෝට්ටුවක් පෙරළේ තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . 29 June 2025
අවතැන් වූවන්ට ගෙවල් හදන්න මැති ඇමැතිවරු මේසන් හැන්ද අතට ගනී නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ද මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය. 28 June 2025
ඩෙංගු මර්දන සතිය සඳුදා සිට ලබන සඳුදා සිට 6 වැනිදා දක්වා ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ 28 June 2025
වෑන් රිය කුකුල් අසුචි ලොරියේ ගැටී දෙදෙනක් මරුට නොරෝච්චෝල නාවකාඩුව ප්‍රදේශය නවතා තිබු වෑන් රථයක අද (28) කුකුල් අසුචි (පොහොර) ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පිටුපසින් ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 28 June 2025
නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය සංවර්ධනය කරන්න යයි අතහැර දමා ඇති නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. 28 June 2025
දන්ත වෛද්‍යවරු විද්‍යාත්මක සැසියක ලෝක සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතු බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 28 June 2025
ශානි සී.අයි.ඩි ලොකු පුටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ සිටි 28 June 2025
ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 28 June 2025
ඉරානයට ආයෙත් ගහනවා - ට්‍රම්ප් ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 28 June 2025
යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත. 28 June 2025
සෑම දෙනාම නීතියට යටත් විය යුතුයි පවතින ක්‍රමවේදයට ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 June 2025
කම්කරු අයිතීන් රකින්න අලුත් පනතක් කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. 28 June 2025
රත්නපුර පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ගුණ අගුණ බලන්න සුගත් යයි රත්නපුර දිස්ත්‍රික්කයේ යෝජිත පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එහි සංචාරයක නිරත විය. 28 June 2025
මැතිසබේ හදිසි රැස්වීමක් සඳුදා හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිතය. 28 June 2025
’’නුවරඑළිය මන්ත්‍රී බංගලාව අපිටත් ඕනෑ’’ නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 28 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026