
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට සිදුවී ඇතැයි පැවසෙන විවිධ හිරිහැර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි කාර්ය මණ්ඩල උපදේශක කමිටුවේ (STAFF ADVERSARY COMMITTEE) අවසන් තීරණය සඳහා යොමු කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත.
එම කමිටුවේදී ඒ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමෙන් පසු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට කතානායකවරයා මැතිසබයට පසුගියදා දැනුම් දුන්නේය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කළේය.
මේ අතර වාර්තාව පැත්තකට දමා ඇඟ බේරා ගැනීමට ඇතැමුන් උත්සාහයක නිරතව සිටින හෙයින් නිලධාරිනියට සිදුවී ඇතැයි පැවසෙන අසාධාරණකම් සහ වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවෙන් කෙරුණු සාධනීය නිර්දේශ සම්බන්ධයෙන් සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඇයට සාධාරණයක් ඉටු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලීමක් කරති.
එම ඉල්ලීම කරමින් පාර්ලිමේන්තුවේදීද අදහස් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සූදානමින් සිටිති.
හිංසන චෝදනාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවට රජය විසින් සැලකිය යුතු මුදලක් වැය කෙරිණ. එම පරීක්ෂණ කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම අමතරව වැයවුන මුදල හා දඩ මුදලක්ද වැරදිකරුවන්ගේ පුද්ගලික මුදලින් අයකර ගත යුතුයි.
හරි හෝ වැරැදි වේවා කමිටුව විභාග කළානේ. සෑහීමකට පත්වෙන්නේ නැත්තං ඇයට උසාවියට යා හැකියි. එක් අයෙක් ගැන නිතරම මෙලෙස පල කරන්න අවශ්‍යද?