(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දී ගෝනෙකු වෙඩි තැබු දඩයක්කරුවන් දෙදෙනෙකු වනාතවිල්ලුව බිට්ටු වනජීවි කාර්යාලයෙ නිළධාරීන් අද (14 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 32 හා 34 වයස් සිමා වල සැකකරුන් දෙදෙනෙකී.
අදාල සැකකරුවන් දෙදෙනා විල්පත්තුව ජාතික වන උද්‍යානයට කලපුව දිගේ ධීවර යාත්‍රාවක නැගි ගගේවාඩිය දෙසින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුල් වී ඉන්පසු වන උද්‍යානය තුළදි ගෝනාට වෙඩි තබා මරා ඇති බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් බවත් මොවුන් දිර්ඝ කාලයක සිට විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ සැරිසරන වන සතුන් දඩයම් වල නිරත වී ඇති බව කියයි.
වනාතවිල්ලුව බීට්ටු වනජීවි නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම කර ඇති බවත් වනජීවි නිළධාරීන් වැටලීම් සිදුකරන විටදී වෙඩි තබා මරා සිටි ගෝනා ධීවර යාත්‍රා මගීන් ගොඩබිමට රැගෙන විත් මස් කරමින් සිටි බව කියයි.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විල්පත්තුව උද්‍යානයේ සතුන් මැරූ දෙන්නෙක් අල්ලයි