(නිශාන්ත කුමාර   සහ දියතලාව ඩී. කේ. රත්න)

නාය යෑමෙන් විනාශයට පත් බණ්ඩාරවෙල දේශයේ ඇළ අමුණු ප්‍රතිසංස්කරණය කරමින් සිටි අම්පාර මූලස්ථාන කඳවුරට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 13  දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා  බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

පසුගිය දිනවලදී අධික වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් විනාශ වූ බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් වරකා දණ්ඩ   ග්‍රාම සේවා වසම   තුළ පිහිටි  ඇළ මාර්ගයක් පිළිසකර කරමින් සිටියදී ඒ  අසල තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මොවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත .

රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි පිරිසෙන් 10 දෙනෙකු අද (14) දිනයේදී සුවය ලබා පිටව ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.