වැලිගම ප්‍රා:සභාපති ඡන්දෙට ආ මාලිමා මන්ත්‍රී දෙන්නෙක් පැහැරගෙන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අද(27)උදේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි. 27 June 2025
වැලිගම ප්‍රාදේශීය සභාවට පිරිසක් කඩා වදී වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරකු තෝරාපත් කරගැනිමට සුදානම් වූ අවස්ථාවේ පිරිසක් ප්‍රාදේශිය සභා පරිශ්‍රයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන බව පොලිසිය කියයි. 27 June 2025
කෝටි පහක මත් කරල් කල්පිටියෙන් මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද,ඇසුරුම් හතලිහක බහා තිබූ මත් කරල් 317000 කල්පිටිය මොහොත්තුවාරම දූපත් වෙරළේ ගොඩ බා තිබිය දී ඊයේ රාත්‍රි ෙ කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 27 June 2025
බදුලු දුම්රිය මාර්ගයට ගස් වැටේ උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 27 June 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසයි. 27 June 2025
‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි විය යුතුයි‘‘ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය. 27 June 2025
අලුත් මන්ත්‍රී හඳුනන්න බැරිව රෝහල් පාරේ කලබලයක් මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය අනන්‍යතාවය හෙළිනොකර සිය මෝටර් රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුල්වීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරින් අවසර නොදීම නිසා රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ. 26 June 2025
ඊශ්‍රායල් රැකියා ලියාපදිංචිය කල්දමයි ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබූ පියවර නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 26 June 2025
සමූප කළමනාකරු විදුලි සැර වැදී මරුට පොල්පිතිගම සීමාසහිත සමුපකාර සංගමයේ අළෙවි කළමණාකරු විදුලි සැර වැදී මියගොස් ඇති අතර ඔහු බේරාගැනීමට ගිය බිරිය සහ තවත් අයකුද විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි පොලිසියකියයි 26 June 2025
එජා මානව හිමිකම් මහ කොමසාරිස් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. 26 June 2025
දොරටියාවේ ව්‍යාපාරිකයෙක් මරා වාහනය තුළම පුළුස්සලා කොන්ඩේ කපන්නට නිවෙසින් ගිය ව්‍යාපාරිකයකු ගිනි තබා මරා දමා තිබියදී සොයා ගත් බව මහව මුලස්ථාන පොලීසිය කියයි. 26 June 2025
වැඩි මිලට වතුර වික්කාට රුපියල් දස ලක්ෂයක් දඩ පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි සිල්වා මහතා අද නියෝග කළේය. 26 June 2025
ඊශ්‍රායලයේ රැකියා තුනකට ලියාපදිංචිය අරඹයි ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචිය හෙට (27) සිට අරඹන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 26 June 2025
චන්ද්‍රගුප්ත රිමාන්ඩ් බාරයට අයථා ලෙස දේපළක් රැස් කළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (26) නියෝග කළාය. 26 June 2025
‘‘නැ‘හිර දරුවන් 304 ගිය වසරේ අපයෝජනය කරලා‘‘ 2024 වසරේ දී නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය. 26 June 2025
’’උමා ඔයේ කඳුළු’’ බලන්න ලාල් ලා බණ්ඩාරවෙලට උමා ඔය ව්‍යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුණු කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙල උඩපේරුවේ දී අද ජනතා ගැටලු බාර ගත්තේය. 26 June 2025
කොටස් වෙළෙඳපොළ වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (26) වාර්තා වූ බව එම වෙළෙඳපොල පැවසීය. 26 June 2025
ටොෆි කා ලෙඩ වූ දරුවන් 25ක් රෝහලට ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික් හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ලේ ප්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනකු පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි. 26 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරි මොහාන් අනිවාර්ය නිවාඩු යවයි වෙසක් පොහොය නිමිති කර ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර විත්තිකාරුවකු නිදහස් කර හැරීමට ඉඩ සැළැස්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ. 26 June 2025
පාරේ තොටේ ආරක්ෂාව ගැන පොලිසිය සිසුන්ට පාඩම් උගන්වයි දෛනිකව සිදුවන රිය අනතුරු වලක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබේ. 26 June 2025
තවත් ලාංකිකයෝ 16කට ජපන් රැකියා දොර තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ 16 දෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් ලැබූහ. 26 June 2025
මල්වතු මහා නා හිමිගෙන් මානව හිමිකම් කොමසුරුට සැර ප්‍රකාශයක් සෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටිනවා. මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙනවා යැයි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා හමුවේ අද පැවසූහ. 26 June 2025
කීරි සම්බා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40000ක් ආනයනයට අවසර කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත. 26 June 2025
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුව 26 June 2025
වාස් අධිකරණයට භාර වෙයි රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය. 26 June 2025
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 June 2025
බදුල්ල අනතුරේ නිත්‍ය බස රියැදුරු අත්අඩංගුවට බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේදි ඉකුත් 21 වැනි දා සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ නිත්‍යා රියදුරා එම අනතුරට අනුබලදීමේ චෝදනාව යටතේ අද 26 දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය. 26 June 2025
’’කුඩා හා මධ්‍ය ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න’’ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර රවටනවා වෙනුවට ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. 26 June 2025
ව්‍යාපාරික කාන්තාවෝ අගයති කාන්තා නායකත්වය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් භාවයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026