
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අගමැතිනියට අද හෙටම බාර දෙමින් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පසුගිය දිනවල ඇතිවූ ආපදාව සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම මෙන්ම සහන සේවා කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා පුළුල් සාකච්ඡාවක් පවත්වා නැති හෙයින් ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
එම ලිපියට මන්ත්‍රීවරැන්ගෙන් අත්සන් ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.
මෙම ඉල්ලීම කිරීමට තීරණය කර ඇත්තේ සමග ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය
අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 6 වැනිදා දක්වා කල්තැබිණ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද ආපදාව ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද? බුරියානි නොකා ඉන්නම බැරිද?
දැන් කාලයක් කට්ටිය කෑගැහුවා නේද මේක වහන්න, මන්ත්‍රීලාට ගමට ගිහින් උදව් කරන්න ඉඩදෙන්න කියලා? දැන් අවුල් ඉවරයිද? මගෙ දෙමෝදර ඔබතුමාලට උඩපැනගෙන ඡන්දෙ දීපු නෑදෑයෝ තවම ආපදා මධ්‍යස්ථානේ. විපක්ෂයේ කෙනෙක් ආවේ නැහැ...
අනේ ඔය විපක්ෂය කියන ගවමඩුවට ගිරිය කඩාගෙන කැගහන්න ඉඩ සලසන්න එපා... ඔතැන ඇවිල්ලා මොනවාද කරන්නේ හිල්හොයනවා... වෙන දෙයක් නැහැ. රජයේ කාලය කා දානවා. මේ වෙලාවේ ඔය දෙවොල් මඩුව කැදවන්න නම් එපා.. විපක්ෂයේ රොත්ත මේ රටට ශාපයක්...
ඕක කැදවන්නම එපා... මේ ආපදා තත්වයෙන් මේ රට ගොඩ ගන්නකන්, අර ඉන්දුනීසියාවේ විපක්ෂය එරට රජයට බිලියන ගානක් පරිත්‍යාග කළා... එහි ඇතිවූ ගංවතුර ආපදාවට මුහුණ දෙන්න, මෙහෙ විපක්ෂ නායක මොනවාද කරන්නේ... අඩු පාඩු හොයන එක..., ජනපති සහන දෙනවා කිව්වා දෙසැම්බර් 5, විපක්ෂ නායක දෙසැ 7 ආපදා වුණු ප්‍රදේශ වලට ගිහිල්ලා ආධාර ආවාද කියලා අහනවා. රජය විවේචනය කරනවා. මෙහෙම විපක්ෂයක් දැකලා නැහැ. අපතයින් රැලක්...