
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (මහනුවර ප්‍රදේශයේ) නිසි අනවසරයෙන් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල් දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව පරිසර අංශවල විශේෂ අවධානය යොමුව ඇත.
මෙම ඉදිකිරීම් බොහොමයක් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු අනුමැතියකින් තොරව බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ගඟ දෙපස ඉදිකර ඇති හෝටල් සහ අවන්හල් හේතුවෙන් ජලය බැස යෑමට දැඩි බලපෑම් එල්ලවී තිබෙන බව වාර්තාවේ.
මේ අතර මහනුවර ප්‍රදේශයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව නිවාස ඇතුළු ඉදිකිරීම් කිසිවක් නායයෑමට ලක්ව නැති බව පරිසර සංවිධාන ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම සංවිධානවල ප්‍රමිතීන්ට අනුව ඉදිකෙරුණු නිවාස අැති හන්තාන කන්ද බහිරවකන්ද, අනීවත්ත, වැව රවුම යන ප්‍රදේශවල කිසිදු නාය යෑමක් සිදුවී නැතැයි පෙන්වා දෙන පරිසර නිලධාරීහු නාය හානි වැඩි වශයෙන් සිදුවී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිකර ඇති පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ නිවාසවලට බව අනාවරණය කරති.
‘එල්’ ආකාරයට කඳු කපා ආරක්ෂිත කණු සකස් නොකර එම පිරිස් අවිධිමත් ලෙස නිවස ඉදිකර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවැලි ගඟ වටේ හොරට හැදු හෝටල් 200ක් සහ එම හෝටල්වල සියලු අපද්‍රව්‍ය සහ නල මාර්ග ගඟට යොමුකර තිබේද?
මෙහෙම කරනකම් අර පළලුරුදු තියෙන කට්ටිය රබං ගැහුවාද? රබං කෙසේ වෙතත් කොමිස් නම් ගහන්න ඇති. මොකද ප්‍රභූවරුන් කියන්නෙයි දේෂපාලන හිතවත්තු කියන්නෙයි එකම කන්ඩායමක්නේ නේද? අපි කැපුවත් නිල්, කැපුවත් කොල කට්ටිය ඡන්දෙ දුන්නේ මාලිමාවට මෙන්න මේ සංස්කෘතිය වෙනස් කරන්නයි. ඒක තේරුම් ගන්නේ නැතුව පරණ බයිලාම ගහනකම් ආත්මෙකට එන්න බැහැ ඔයාලාට...
අනුමැතිය නැතිනම් කඩලා දාන්න කොන්ද පන තියෙන්න ඕන නේද?
සදහන් කරන ලද හැම අවිධිමත් ඉදිකිරීමක් ගැන හොයලා බැලුවොත් දූෂිත දේශපාලකයින් සහ එවැනි දේවල්වලට උඩගෙඩි දෙන හොර තක්කඩි රාජ්‍ය නිලධාරිනුත් ඉන්නා බව හොදට පේනවා. කෝප් කමිටුවටත් ඇවිල්ලා උත්තර දුන්නේ ටයි දාපු හොද ඉහළ ගණයේ හොරු ටිකක් තොත්ත බබාලා වගේ...
හිටපු දූෂිත දේසපාලුවෝ, උන්ගේ හෙන්චයියලා මහාපරිමාණ හොරකම් වංචා දූෂණවලින් ගසා කාපු සල්ලිවලින් කරපු දේවල්. කිසිම ප්‍රමිතියකින් තොරව තමුන්ට ඕන විදියට වැඩ කරපු එකේ ප්‍රතිඵල ?