
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූූ ජීප් රථය සහ කාන්තාවක පැදවූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කතානායකවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
තුවාල ලැබූවන් අතර මාස හයක කුඩා දරුවකු හා කාන්තාවන් දෙදෙනකුද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සපුගස්කන්ද මාවරමණ්ඩිය ඩෙනිමුල්ල ප්‍රදේශයේදී, ජීප් රථය සහ මෝටර් රථය මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.
තුවාල ලද හිටපු කතානායකවරයා රාගම රෝහලටත් , කුඩා දරුවා කොළඹ ළමා රෝහලටත් මෝටර් රථය පැදවූ කාන්තාව සහ ඇයගේ මව කිරිබත්ගොඩ රෝහල වෙතත් ඇතුළත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
යතුරුපැදියක් බේරීමට ගොස් මෙම අනතුර වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම පවත්වාගෙන ආ " නිකැළැල් " බව විනාශ කරපු අය..
රියදුරු බලපත්‍රයත් හොර එකක්ද?
ලොක්කගේ කට උත්තරේ විශ්වාස කරන්න පුළුවන්ද? පොලිසියට...?
රජයේ සේවයේ පිරිසකට යතුරුපැදි දීමට කැබිනට් අනුමැතිය දුන්නලු... මීට පෙර මහින්ද මහත්තයා එහෙම කළාට පසු යතුරුපැදි අනතුරු බොහෝම වැඩිවුණා. දැන් තවත් වැඩිවේවි.. රටේ වාහන අනතුරුවලට ප්‍රධානම හේතුව යතුරුපැදි තමයි. නොපමාව යතුරුපැදි ධාවනය සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍ය වෙනවා...
ඕක බොරුවට ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා තියෙන්නේ...