
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රජා ශක්ති වැනි සිවිල් කමිටුවල නිලධාරීන්ගේ සහතිකයන් සහන ලබාගැනීමට අවශ්‍ය වීම යනු සහන කටයුතු වෙනත් පැත්තකට ගෙන යාමක් බවත් මේ සහන ක්‍රියාවලිය පිරිසිදු වගවෙන වගකියන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක “හුස්ම” වැඩසටහන යටතේ හලාවත සහ මාරවිල රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර ඇතුලු සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට එක්වෙමිනි.
සහන ලබා ගැනීමට ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍ය බවට රජයේ ප්‍රබල ඇමතිවරු කියමින් යන බවත් ප්රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජා ශක්ති වැඩ සටහන දේශපාලනයෙන් තොරවයි වැඩ කරන්නේ. එවැනි අධීක්ෂණ තුලින් නිලධාරීන්ගේ අඩු පාඩු සහ විය හැකි දූෂණ අඩුවෙනවා. සහන ලබාදීමේදී ඇතැම් නිලධාරීන්ගේ අකටයුතුකම් ගැන වාර්තාවූ අවස්ථාද තිබුණා.
එහෙම වෙන්න නම් හොඳම ක්‍රමය තමා ආණ්ඩුවට මුදල් හා භාණ්ඩ දෙන එක. මොකද රටක ආණ්ඩුව කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමේනේ... කයිවාරු ගැහුවාට, මේ එක එක තැන්වල ගිහින් ස.ජ.බ. විදිහට බෙදන එක නිර්දේශපාලනිකද?
අනේ මගේ කට..!
කිසිම දේශපාලනීකරණයක් නෑ. උස එවුන්ට චුට්ටක් වැඩියෙනුයි. මිටි එවුන්ට චුට්ටක් අඩුවෙනුයි තමයි දෙන්නේ. කාන්තාවන්ට උස, මිටි බේදයක් නැතිව ඕනෑතරම් සනීපාරක්ෂක තුවා...
පුන්නක්කු හිගයක් ඇති නොවේ ගවයින් කලබල වියයුතු නැත.
නැති ප්‍රශ්න ඇතිකරන්න එපා... මේ මනුස්සයා තමන්ගේ තේ කෝප්පයෙත් කිඹුල්ලු දකින චරිතයක්...
එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවට ඡන්දය නොදීපු අයත් දන්නවා. හැබැයි ජනතාව ඔය එදා පත්වීම් දීපු හැටි. උස නම් සෙකුරිටි, මිටි නම් කම්කරු...
ළාමක ටින් ටින් කිව්වොත් කියන්නේම ගොන් කතා.. සහන ලබාදෙන්නේ ගන්වතුරෙන් විපතට පත්වූ සියලුම ජනතාවට.. ඒකට පක්ෂ පාට බේද අදාළ නැහැ. ජනතාව බැහැලා වැඩ. දේසපාලුවෝ නම් ඒකෙනුත් දේසපාලන වාසි ගන්න, ලකුණු දාගන්න හදනවා.