(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.
ඒ අනුව ලංසුකරුවන් 11 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වන M/s. Melwire Rolling (Pvt) Ltd වෙත රුපියල් මිලියන 721.257 ක (වැට් සහිත) මුදලකටත්, M/s. SR Steel (Pvt) Ltd වෙත රුපියල් මිලියන 167.507 ක (වැට් සහිත) මුදලකටත් අදාළ අබලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩකට නැති ’’කෝච්චි යකඩ’’ විකුණයි
P.d goonawardena Friday, 12 December 2025 09:14 AM
මුළු රේල්ලුවම අහවර කරන්න... වැඩකට නැති සුදු අලි..
ගුණරත්න Friday, 12 December 2025 09:43 AM
අබලි යකඩ කියලා කෝටි ගාණක් වටිනා දුම්රිය එන්ජින් දුම්රිය මැදිරිත් විකුණලා දාවිද දන්නේ නැහැ.
eresh S kumara Friday, 12 December 2025 10:02 AM
මේවා මීට කලින් කරන්න තිබ්බ දේවල්. කොච්චර යකඩ තොගයක් තියනවාද දුම්රිය දෙපාර්තමේන්තුවේ. පොඩි පොඩි පාලම් හදන්නම ගන්න තිබ්බා පරණ චැසි ටික
HafeelFriday, 12 December 2025 01:26 PM
මීට කළින් මේවා කළා නම්, අනිවාර්යයෙන්ම එතැන වංචාව කරනවාමයි. එම නිසා දැන් කරන එක වඩා හොදයි.
සුදා Friday, 12 December 2025 02:17 PM
රටට වැඩක් නැති පරණ මැති ඇමැතියෝ ටිකත් දීලා දාන්න විදියක් බලන්න. සල්ලි අපි දෙන්නම්..