තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ් ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන් මුදා හැරයේ යයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය . 25 June 2025
එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. 25 June 2025
පාසල්වලට ඩෙංගු මැඩීමේ දිනයක් ප්‍රකාශයට පත් කරයි මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල් වල ඩෙංගු මැඩලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කර තිබේ. 25 June 2025
නාවලපිටිය-දඹුල්ල-කුලියාපිටිය රෝහල් තුනට CT ස්කෑන් යන්ත්‍ර නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 3ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ලොකු වැව් පහක් අලුත් වෙයි මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළු වැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
රෝග තුනක් මැඩලන්න ගෝලීය අරමුදලින් ආධාර එච්.අයි.වී / ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන අරමුදල් යටතේ එම රෝග කළමනාකරණය, වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. 25 June 2025
රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ජල සම්පාදන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඇමති අනු කමිටුවක් ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඇමති අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනයට විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
නුවරඑළිය තැපැල් හල ගැන සංචාරක කැමැත්ත වැඩි කරන්න යයි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
දරුවන් සිඟමනේ යෙදවීම තහනම් නීති දැඩි කරයි වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
අධිවේගී පාරට අලුත් සැප බස් 200ක් අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
හැංගුණේ නෑ: මම හිටියේ ගෙදර අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් කිසිසේත් සැඟව නොසිටි බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනා කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (24) ප්‍රකාශ කළේය. 25 June 2025
සංචාරක ක්ෂේත්රය ගොඩගන්න අලුත් පනතක් එයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා එහි පරිපාලන ව්‍යූහය තවදුරටත් ශක්තිමත් කිරීමට නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
ඉෂාරා සෙව්වන්දි රට පැනලා නෑ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට සම්බන්ධවී දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 25 June 2025
මැතිසබය හදිසියේ කැඳවීමට ගැසට්ටුවක් හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 වැනිදා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (24) නිකුත් කරනු ලැබීය. 25 June 2025
දේශබන්දුගේ ඉතිරි සාක්ෂිකරුවෝ අද කමිටුවට වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා මැතිසබා පරීක්ෂණ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) නැවත රැස්වීමට නියමිතය. 25 June 2025
හෙල්මටයකින් පහරකෑ අයෙක් මරුට බුලත්සිංහල, හල්වතුර ,එපිටවත්ත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බ ස්වීමත් දුර දිග යෑමෙන් හෙල්මටයකින් පහර කෑ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 25 June 2025
තුෂාර උපුල්දෙණියගෙ නඩුව කැඳවීම අද දහවල් ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන්ට නිදහස ලබා දුන්නේ යැයි කියන බන්ධනාගාරගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ට එරෙහි පැමිණිල්ල අද (25) දහවල් කැඳවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය දන්වා සිටියාය. 25 June 2025
පිටකොටුව-කැස්බෑව බස් වර්ජනයක් පිටකොටුව සිට මිල්ලෑව දක්වා නව මාර්ග බලපත්‍රයක් ලබාදීමට විරෝධය පළ කරමින් පිටකොටුව කැස්බෑව 120 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත වී ඇති බව කැස්බෑව පොලිසිය පවසයි. 25 June 2025
මිද්දෙණියේ වෙඩි තැබීමක්: දෙන්නෙක් මරුට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි. 25 June 2025
අදත් තැනින් තැනට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 June 2025
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. 25 June 2025
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළට පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 24 June 2025
මුහුදේ පාවී ආ උපකරණය මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබු යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය කියයි 24 June 2025
බොරැල්ලේ වෙඩි තැබීමක් බොරැල්ල හල්ගහ කුඹුර වත්ත (ඩම්ෆ් එක වත්ත) ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය. 24 June 2025
නගුල් සොරකමේ පොලිස් වාර්තාව අතුරුදන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 June 2025
නෙළුම් වැව උණුදිය උල්පත් අලුත් වෙයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර ඇත. 24 June 2025
කල් ඉකුත් වූ තිරිඟු පිටිය තොගයක් වත්තලින් අල්ලයි වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. 24 June 2025
ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක් ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. 24 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026