
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කිලෝ මීටර් 34 දුර ඇති හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ස්ථාන කිහිපයකින් බරපතල ලෙස නාය යාමට ලක්ව ඇති බැවින් මීමුරේ ගම්මානයද ඇතුළුව ග්‍රාම සේවා වසම් 05 ක ජනතාව කිසිවක් කරකියා ගැනීමට නොහැකිව කොටුවී සිටින බැවින් මෙම ගම්මානයට ප්‍රවේශ වීමේ විකල්ප මාර්ගයක් ලෙස ඇති තෙල්දෙනිය තංගප්පුව මාර්ගය හරහා අට්ටලවෙට්ටුව මාර්ගය නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් අදාල ලිපිය අවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා වෙත යොමු කොට තිබේ.
(ඡායා ජේ.ඒ.එල්.ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විපත්වෙලත් දවස් කීයක් ගිහිල්ලාද මොවුන් කොටුවෙලා ඉන්න මිනිස්සු ගාවට යන්න තවම පාරවල් හොයනවා. අපේ රටේ නායකයෙක්, රජයක්, රාජ්‍ය යාන්ත්‍රණයක් නැද්ද? පැලවත්තේ පඩි ගන්න එවුන්ට අනුව නම් ඔක්කෝම සුපිරියටම වෙනවා...
අනේ බං තැම්ඹුත්තේ village අන්දරේ, අමතකද රට බංකලොත් කරලා මුළු රටේම විදුලිය කපන වෙලාවේ පාලකයෝ හිටපු පැති විතරක් විදුලි අලෝකෙන් බැබලෙච්චි හැටි? රටේ ජනතාව ඉන්ධන-ගෑස් පෝලිම්වල ඉන්දැද්දී, පාලකයෝ V8 වලින් යන්ට උන්ට ඉන්ධන තිබ්බා... උන්ගේ ගෙවල්වල ගෑස් උදුන් දිවා-රෑ යස අපුරුවට වැඩ කලා... නුඹලා වගේ බත්කන හරක් ඉන්නකල් මේ රට සක්කරයාගේ පුතා, වයිමා නෙමෙයි, නුඹ ජනාධිපති වුණත් බෑ බෑමයි...
අන්දරේ මල්ලි අම්මට, තාත්තට මල් තියලා වැදපන්... අන්දරේ කියලා නම දැම්මට.