
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී ආපදා තොරතුරු කේන්ද්‍රයක් අද ආරම්භ කෙරිණ.
ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබා දීම අරමුණු කර ගෙන මෙම මධ්‍යස්ථානය ආරම්භ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයෙන් ජනතාව වෙත ලබා දෙන ආධාර නොදැනුවත්කම, දේශපාලන කාරණා ආදී හේතු නිසා නොලැබී යාමේ තත්ත්වයක් පවතින නිසා මෙවැනි ගැටලු පවතින අයට එම ගැටලු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් ඔහු සඳහන් කළේය.
මෙම මධ්‍යස්ථානය මඟින් ආධාර නොලැබුණු පාර්ශ්වයන් සහ රාජ්‍ය පාර්ශ්වයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සම්බන්ධීකරණය කිරීම ද සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, ජේ. සී. අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය කියන්නේ වෙනම රජයක්ද?
වැඩක් නැහැ, තොරතුරු රැස්කරන එවුණුත් මැතිවරණවලින් විපතට පත්වෙලා ඉන්දැද්දී කොහොමද රටේ සාමාන්‍ය ජනතාවට සෙතක් වෙන දෙයක් කරන්නේ...
පක්ෂයවත් හරියට කළමනාකරණය කරගන්න බැරි නන්නත්තාර වෙච්චි විපක්ෂය... ළාමක ටින් ටින් රටේ ආපදා කළමනාකරණය කොහෝම කරයිද මන්දා...?
මධ්‍යම සංස්කෘතික අරමුදලලෙන් ,නිවාස ව්‍යාපෘති වලින් ,කැෂිනෝ කාරයන් බස් බෙදා දෙන්ඩ දීපූ මුදල් වලින් ගසාකාපු සල්ලී වලින් ආදාර බෙදාදෙන්ඩ හිතාගෙන ඉන්නවද කවුද දන්නේ?
උසත් මනිනවද?
දැන් එතකොට අර ‘පොදු විපක්ෂය’ කියන සංකල්පය ඉවරද ?
නිකන් සංදර්ශන තියෙන්නේ නැතිව ඒ ප්‍රදේශවලට ගිහින් වැඩක් කරන්න හලෝ... ඔච්චරම අමාරුනම්... විපක්ෂය කියන්නේ පිස්සන් කොටුව වගේ...