
(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ ජී.ආර්. ගමගේ)
මාළිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද පරාජය ට පත්විය .
කොලොන්න ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී සභාපති කේ.එම්.සී.සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි .
කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික සංඛ්‍යාව 19කි. බලය ඇත්තේ සභිකයින් 09ක් හිමි මාළිමාවටය. විපක්ෂයට සභිකයින් 10කි. සජබ 05, පොහොට්ටුව 03, එජාප සහ දිලිත් ජයවීර මහතාගේ පක්ෂය ට එක බැගිනි. මෙවරත් පරාජයට පත්වූයේ වැඩි ජන්ද එක්කිනි.
රැස්වීම ආරම්භයේ විපක්ෂ සභිකයින් ආසන පැනවීමට විරෝධය දක්වමින් හිටගෙන සිටියහ. ඔවුන් මීට පෙර පැවති සභාවල ආසන වෙන්කළ ආකාරයට ආසන වෙන්කර දෙන්නැයි ඉල්ලා සිටියහ .
පසුව සබරගමු පළාත් පළාත් පාලන කොමසාරිස් කීර්ති බන්ඩාර මහතාගෙන් උපදෙස් ගත්තේය. ඔහු පෙන්වා දුන්නේ අකාරාදි පිළිවෙලට ආසන පනවා ඇති බවයි. ගැටලුවක් ඇතිනොකර කටයුතු කරන්නැයි උපදෙස් දුන්නේ ය. ඒ අනුව ආසන පනවා තිබූ ආකාරයට ම අසුන්ගෙන රැස්වීම ට එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරුම පුදුම දේවල් නොවෙයි. මේ තමයි රටේ පහත් දේශපාලන සංස්කෘතිය, අයවැයේ හොද නරක අදාල නැහැ. විපක්ෂය නම් විරුද්ධ විය යුතුමයි.... මේ රටට ඉස්සරහට එන්න අමාරුයි. මේ වැනි මිනිසුන් ඉන්නකන්...
මේ වෙන මුකුත් නෙමෙයි කුහකකම .විපක්ෂයේ ස්ථාවරය මාලිමාවට වැඩ කරන්න දෙන්නේ නැහැ කියන එක .ඔය බාධක මද මාලිමාව රට ගොඩ දානවා
T B මහත්තය මේ සභාව පත්වෙල මාස කීපයයි, ඔය අඩු පාඩු සාකච්චා කරල විසගන්න පුලුවන් ඒව, ඔය පත්වුන අය ප්‍රදේශයෙම අය නේද., පාට පක්ෂ නැතිව තම ප්‍රදේශයෙ ප්‍රශ්න විසද ගන්න බැරිද. ඔය තමයි අපේ රටේ සංස්කෘතිය, මිට පෙර විපක්ෂයට වැඩි බපයක් තියෙන සභාවක අය වැය සම්මත වුනා කියල , එම චන්දය දුන් විපක්ෂයෙ මන්ත්‍රින්ට සමාවට කාරනා අහල ඔවුන් අයත් පක්ෂ චෝදනා පත්‍ර නිකුත් කෙල තිබුන.