දේශබන්දු කමිටුවට ලිඛිත දේශන භාර ගැනීම 08වැනිදා දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර භාරදෙන ලෙස පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන දේශබන්දු කමිටුව දැනුම් දී ඇත. 26 June 2025
මෙරීෂා ෆොන්සේකා එයාර්බස් සමාගමේ ඇගයීමට ඇමෙරිකාවේ එයාර්බස් සමාගම, විචිටා පිහිටි ඔවුන්ගේ ඉන්ජිනේරු අංශයට සම්බන්ධ ඉන්ජිනේරුවරියන් ඇගයීමට ලක් කර ඇති අතර එම පිරිස අතරේ, ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරියක ද සිටී. ඇය මෙරීෂා ෆොන්සේකාය. 26 June 2025
සිංහල වදන් පෙළක් ඔක්ස්ෆර්ඩ් යයි ජූනි මාසයේ දී යවත්කාලීන කරන ලද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට සිංහල වදන් කීපයක් එක් වී ඇති අතර, එය අපගේ සංස්කෘතික උරුමයට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි. 26 June 2025
ඇල්ලේ ගින්න දුම්රිය මාර්ගය දෙසට ඇල්ල පොලිසිය ආසන්නයේ පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්න අද (26) දෙවන දිනටත් ඇල්ල අහස්නවය ආරුක්කු පාලම දෙසට පැතිර යමින් පවතින බවත් මෙම ගිනිතැබීම සිදුකල බවට සැකපිට ඇල්ලේ සංචාරක හෝටලයක කලමනාකරුවෙකු අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . 26 June 2025
උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අරඹයි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් කැඳවීම අද (26) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 26 June 2025
කොළඹ නගර සභා මංගල රැස්වීමට බාල්දියක් කොළඹ මහ නගර සභාවේ දැන් පැවැත්වෙන මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව එම රැස්වීම විනාඩි 10 කට කල්තැබීමටට නගරාධිපතිනි වුායි කැලි බල්තසාර් මහත්මිය මීට සුළු මොහොතකට පියවර පියවර ගත්තාය. 26 June 2025
අනුරාධපුර වෙඩි තැබීමක්: අයෙකුට බරපතලයි මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (25දා) රාත්‍රී නාඳුනන තුවක්කු කරුවෙකු සිදු කල වෙඩි තැබීමකින් යතුරු පැදියක ගමන් කල පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩික්කරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් ඇති බවද තිරප්පනේ පොලිසිය පවසයි. 26 June 2025
දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක අද (26) පෙරවරුවේ ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය. 26 June 2025
සාක්ෂි දුන් තුනකට දේශබන්දු කමිටුව දෙහි කපයි දිවුරුම්දී බොරු සාක්ෂි නොදෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සාක්ෂිකරුවන් තිදෙනෙකුට ඊයේ(25)තරයේ අවවාද කළේය. 26 June 2025
පළාත් කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 June 2025
හොර වීසාවලින් ඉතාලි පනින්න හදල මාට්ටු කූඨ ලෙස සකස් කර ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ෙ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 June 2025
උසාවි ලේඛණය කුරුටු ගැමේ සිද්ධිය සී.අයි.ඩීයට? මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සෙවීම සඳහා අවශ්‍ය වුවහොත් රහස් පොලිසියට බාරදෙන බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද දින දැනුම් දුන්නාය. 25 June 2025
සූර්ය විදුලිබල උත්පාදකයන්ගේ පෙත්සම කැඳවීමට නියෝගයක් සූර්ය විදුලි බල උත්පාදකයින්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනකු ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 04 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 25 June 2025
බෙහෙත් ගන්න කෝටි 3500ක් වෙන් කරයි ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ අවස්ථාවන් වලදී ඒවා මිලදි ගැනිම සඳහා රුපියල් කෝටි 3500 ක මුදලක් වෙන්කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 25 June 2025
පෞද්ගලික බස් රියදුරෙක් ඩිපෝ කළමනාකරුට ගහලා පෞද්ගලික බස් රථ රියදුරකු පොලොන්නරුව ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. 25 June 2025
සුව ඇමති අතින් ශාන් ට සම්මානයක් පුරවැසියාගේ චින්තනය උසස් කිරීමකින් තොරව අප බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 June 2025
ඇල්ලේ ගින්නක් ඇල්ල පොලිස් ස්ථානයට පසුපසින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට අද (25) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු ගිනි තබා ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 25 June 2025
පොලිස්පති වෙනුවෙන් සාක්කි දෙන්න ආපු 8ක් හැරී යති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්මහතා වෙනුවෙන් සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතව සිටියත් සාක්ෂි දුන්නේ ඉන් හත් දෙනකු පමණි 25 June 2025
ඉරානයේ තරුණ කිවිඳිය මරුට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් මියගිය ඉරාන ජාතිකයන් අතරේ, ප්‍රකට ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 June 2025
මාදම්පේ පාසලක දරුවන් 12ක් ලෙඩ වෙලා මාදම්පේ සාන්ත සෙබස්තියන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසු දරුවන්12 දෙනකු ආසාද්මික තාවයක් හේතුවෙන් මාදම්පේ රෝහලට ඇතුළත් කළ බව මාදම්පේ රෝහල් ප්‍රකාශකයෙක් කීය. 25 June 2025
කොළඹ වරායේ නැවතත් බහලුම් තදබදයක් කොළඹ වරාය තුළ නැවතත් බහාලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (25) පැවසීය. 25 June 2025
බස් ගාස්තු අඩු වෙයි: සංගම්වලින් දැඩි විරෝධය වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ. 25 June 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග? මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි. 25 June 2025
ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයෙන් ජංගම රාජ්‍ය සේවා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන ජංගම රාජ්‍ය සේවා වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවෙන් බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. මේ බව අනාවරණය කළේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසකි. 25 June 2025
පාසල් 500කට චීනෙන් සුහුරු පන්ති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2025
පක්ෂ විපක්ෂ 14ක් චීනෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගී වෙති. 25 June 2025
තුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ් ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කරමින් සිරකරුවන් මුදා හැරයේ යයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය සැකකරු ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය . 25 June 2025
එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය. 25 June 2025
පාසල්වලට ඩෙංගු මැඩීමේ දිනයක් ප්‍රකාශයට පත් කරයි මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල් වල ඩෙංගු මැඩලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කර තිබේ. 25 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026