
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පසු රට ගොඩ නැගීම සඳහා “රට යළි හදන මග” ඇතුළත් යෝජනාවලියක් - පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමුකර තිබේ.
“රට යළි හදන මග - පිවිතුරු හෙළ උරුමය යෝජනාවලිය” ඇතුලත් මෙම යොජනාවලිය කරුණු 25 කින් සමන්විත බව එහි නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අපදා කළමණාකරණ සභාව වහාම ස්ථාපිත කර එය වහාම කැඳවීම, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්තාපන අමාත්‍යාංශයක් පිහිටුවීම, රාජ්‍ය නොවන සංවිධාන සමුලුවක් කැඳවීම, 2026 වසර සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීම වැනි කරුණ එහි අඩංගු වේ.
තවද ආපදාවෙන් සිදුවුණු පිරණ පිළිබඳ විස්තරාත්මක සංඛ්‍යා ලේඛණ ප්‍රසිද්ධ කර ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩ නැගීම, දික්වා කුනාටුවෙන් සිදුවුණු ආපදාව තීව්‍ර කිරීමට ආණ්ඩුවේ නොසැලකිල්ල දායක වූවාදැයි විමර්ශනය කර වගකිවයුතු අය වාර්තා කිරීමටත් මෙවැනි විපතක් යළි ඇතිවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම ඇතුලු කරුණු 25 කින් එය සමන්විත වේ.
මෙම යෝජනාවලිය ඇතුලත් ලේඛනයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති බවත් එම යෝජනා පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ඒ සඳහා සූදානමින් සිටිනබවත් ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නිහතමානී ජනාධිපති කෙනෙක් ඉන්නවා ... නිසා මොවුන්ට පිනුම් ගහන්න පුළුවන්. අපි දැක්කනේ ඉස්සර, මේ අය බලු කුක්කන් වගේ... අනිත් එක මෙයා හදන රට. කිසිම වැඩක් හරියට කරන්න කරන්න බැරි නිකන්ම නිකන් කයිවාරු කාරයෙක් ගම්මන්පිළ කියන්නේ...
අනුමානයක් නෑ, මෙයා රට හදන මගට උපදෙස් අරගෙන ඇත්තේ මහින්ද මහත්තයාගෙන් සහ ගෝඨාභය මහත්තයාගෙන් වෙන්න ඇති. නැතුව එයාට එහෙම මොලයක් නැති බව එයාම කියලා තියනවානේ. ආපදා වලින් මාටියා ගහන හැටිත් අහගන්න ඇති.
තෙල් ඇමති වෙලා ඉඳල රටටම තෙල් නැතිකළ එකාගෙන් මොන යෝජනාද?
බොහොම හොඳයි. හැබැයි ඊට ඉස්සෙල්ල තමුන්ගේ පක්‍ෂයේ ජනතා ප්‍රතිරූපය ගොඩනගාගෙන පාර්ලිමේන්තුවට පත් වෙන්න යෝජනාවලියක් කාට හරි කියලා හදාගන්න බැලුවේ නැද්ද?
අනේ එපා ප්ලීස්
රට ගැන හිතන්න කලින් Gudaya gembbanpila නිවැරදි විය යුතුයි
ජනතාවගේ හද ගැස්ම, බුද්ධිය, කැපවීම යන සියල්ලක්ම ඔයා මෙන් දහස් ගුණයකින් අනුර හොඳයි. පිස්සු නැතිව ගෙදරට වෙලා ඉන්න. ජනවාරියේ අර මිටීම තියල 10ක් විතර පිරිසකට ආමන්ත්‍රණය කරන්න.
කොල ටික කඩල ඔතන්න දෙන්න
අනේ ගම්මන්පිළ නොදුටු මොක්පුර...