
(ගයාන් සූරිය ආරච්චි)
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා මෙහෙයවනු ලබන අපරාධ සඳහා මුදල් ගනුදෙනු පවත්වාගෙන ගිය බව කියන යුවළක් කොළඹ 10 ප්‍රදේශයේ ලැගුම් හලක සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සැකකරුගේ බෑගයක් තුළ තිබී මිලිමීටර 9 වර්ගයේ ජීව උන්ඩ 15 ක්ද පොලිසිය සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 25 වයස්වල පසු වන යුවලකි.
කෙහෙල් බද්දර පද්මය ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධීව උපයාගත් මුදල් රහසිගතව සඟවා තැබීම සහ ඔවුන් විසින් සිදු කරන අපරාධ සඳහා අවශ්‍යතාව මත එම මුදල් යෙදවීම මෙම යුවළ විසින් සිදු කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 15,34,000 මුදලක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පද්මෙගේ අපරාධවල මුදල් ගනුදෙනු කළ යුවළක් අල්ලයි