ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන් නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 18 April 2025
මොන ලේබල් ගැහුවත් උතුරේ ජන අයිතීන් රකිනවා මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය. 18 April 2025
ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 20 හැවිරිදි සිසුවෙකි. 18 April 2025
අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ දුම්රිය අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 18 April 2025
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. 18 April 2025
වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්ෂක අංග ගැළවෙයි වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති. 18 April 2025
බළපිටියේ වෙඩි තැබීමක් බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 17 April 2025
කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කරාබු , මාල ඇතුළු ග්‍රෑම් 150 ක් පමණ වන රත්තරන් සමග බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමග පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 17 April 2025
කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක් කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ. 17 April 2025
වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියයට 100 ක් විශ්වාසයෙන් කිව හැකි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පැවසුවාය. 17 April 2025
සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’ සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ. 17 April 2025
ජනපතිත් හෙට දළදා වඳී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ. 17 April 2025
පච දේශපාලනය රජ වෙලා මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 April 2025
‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක් ‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආසන්නයෙන් ද, මහ මළුව වෙත පිවිසීමට නියමිත බවත් පොලිස් අධිකාරී ඩී. සී. ඩී. ඉලංගකෝන් මහතා පැවසීය. 17 April 2025
පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩල කමිටුවකින් නැවත පශ්චාද් මරණ පරික්ෂණයක් සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා රහස් පොලිසියට අද(17) අවසර ලබා දුන්නේ ය. 17 April 2025
තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දින වෙනස් වෙයි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 17 April 2025
අල්ලස් ඉල්ලූ හදිසි මරණ පරික්ෂක, සහයිකාව රිමාන්ඩ් හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිශ්වාන් මහතා අද (17) නියෝග කළේය. 17 April 2025
පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු පෘථිවියෙන් පිටත ජීවය තිබෙන බවට මෙතෙක් හමුවූ ප්රබලතම සාක්ෂිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි කේ2-18බී නැමැති ග්‍රහලෝකයෙන් සොයා ගැනීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය නික්කු මධුසුදන් ප්රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇත. 17 April 2025
රන් මිල වාර්තා ගත ලෙස ඉහළට ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 April 2025
හඳුන්කූරූ විකුණන මුවාවෙන් ගංජා ඇදලා හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන් ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා රුපියල් කෝටි 3කට වැඩි කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, එම ලොරි රථය සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි. 17 April 2025
තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 April 2025
අප්‍රේල් 29 ට කලින් ඡන්ද කාඩ් නාවොත් තැපැල් හලට යන්න අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි. 17 April 2025
විනෝද වෙන්න හැදූ ග්‍රීස් ගහ මාරයෙක් වෙයි ගාල්ල පිටිගල අමුගොඩ ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද ( 17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ අඩි 40 ක් පමණ උසින් යුත් ග්‍රීස් ගසෙහි ඉනිමගක ආදාරයෙන් ග්‍රීස් ආලේප කරමින් සිටියදී ඉන් ඇද වැටී වයස අවුරුදු 16 පාසල් සිසුවකු මියගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි. 17 April 2025
මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය. 17 April 2025
මළ සිරුර පැහැරගත් පිරිසෙන් හතරක් අල්ලයි බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 17 April 2025
ඡන්ද නීති කැඩූ අපේක්ෂක 18කට නඩු මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 17 April 2025
ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට බෙදීම ඇරඹේ පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම අද(17) සිට ආරම්භ කෙරිණ. 17 April 2025
දළදා වන්දනා සමයේ මහනුවරට එන වාහන නවතන්න රථ ගාල් 10ක් සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇතැයි මහනුවර පොලිස් මූලස්ථානය කියයි. 17 April 2025
අපි ආණ්ඩුවේ සල්ලි බලාගෙන වැඩ කරන්නෙ නෑ පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 April 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025