
(නිශාන්ත කුමාර)
බුර්කාවක් පැළද කාන්තාවක් ලෙසින් බණ්ඩාරවෙල නගරයේ වෙළද සංකීර්ණයක් අසල සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටි 15 හැවිරිදි පාසැල් සිසුවෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය, ප්‍රදේශයේ පදංචි බණ්ඩාරවෙල නගරයේ දමිළ විද්‍යාලයක අධයාපනය ලබන 15 හැවිරිදි පාසැල් සිසුවෙකි.
මොහු පාසැලේ නාට්‍ය හා රංග කලාව හදාරනු ලබන අතර පාසල නියෝජනය කරමින් විවිධ භාරත නැටුම් සදහා පෙනි සිට ඇති සිසුවෙකු බවද භාරත නාට්‍යවල තරුණියක ලෙස අවස්ථා කීපයක පෙනිසිට ඇති බවද විමර්ශනවලදී අණාවරණය වී ඇත.
තම මව විසින් එවන ලද මුදල් වලින් දැනට මසකට පමණ පෙර මෙම බුර්කාව මිලදී ගෙන ඇතැයිද සිසුවා පොලීසියට පවසා ඇත.
තමුන්ට බුර්කාවක් පැළදීමට අසාවක් ඇතිතම වී සහෝදරිය උපකාරක පංති සදහා ගොස් සිටියදි ඇයගේ ඇදුම් සෙරෙප්පු ,සහ ඇයගේ රූපලාවන්‍ය උපකරණ රැගෙන නගරයේ පාලු ස්ථානයකට ගොස් බුර්කාව පැළද නගරයේ සැරිසරමින් සිටි බවද ඔහු පොලීසියට පවසා ඇත.
මොහුගේ මව හා පියා විදේශ ගතව සිටින අතර මෙම සිසුවා සිය සහෝදරිය සමග සිය ආච්චිගේ නිවසේ රැදි සිට ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා මනෝවෛද්‍ය වරයෙකුට යොමු කරාවි යැයි බලාපොරොත්තු වෙමි...
මේක ඉතාම සාමාන්‍ය දෙයක්.. දැන් පොලිසියෙන් මේ දරුවාගේ මනස උපරිම විනාශ කරාවි... අනික මේ රටේ ඕනෙම ආගමක් අදහන්න කැමැති ඇදුම් අදින්න තහනම් නැහැ... විරාජ් වගේ වහල්ලු මල් මල් ගවුම් ඇදගෙන මොනවැඩද දැම්මේ?.. මේ දරුවාට මොනම අන්දමක වත් දඩුවමක් දෙන්න අයිතියක් නැහැ...
විනෝදයට වෙන්න ඇති .
විරුද්ධ ලිංගිකයන්ගේ ඇදුම් අදින්න කැමැති අය ඉන්නවා. ක්‍රොස් ඩ්‍රෙසින් කියලා කියන්නේ. මුහුණු පොතේ එහෙම අය දහස් ගනන් ඉන්නවා. දැන්ම මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නන්න ඕනේ. නාට්‍යවල ගැහැණු චරිත කිරීම හේතුවෙන් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.
ඒ ළමයා වරදක් කරලා නෑ නේ .බුර්කා අඳින්න හොඳ නැත්නම් ඇයි ඒවා විකුනන්නේ