( ප්‍රසාද් රුක්මල් නිශාන්ත කුමාර සහ  )

බදුල්ල මීගහකිවුල  මොරහෙල බෝගහපතන කන්ද අද(10) අලුයම නායයාමට ලක්ව ඇති අතර, ඒ අවට පදිංචි ජනතාව ආරක්ශිත ස්ථානකරා යොමු කිරිමට කටයුතු සිදු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

පවතින වර්ශාවත් සමග මෙසේ කන්ද නායයාමට ලක්ව ඇති බවත් , මින් කිසිවෙකුට හෝ ජීව්ත අනතුරක් සිදුව නැතයි දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කලේය .