
( සමන් පාලිත නානායක්කාර)
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු වාරි ඇල මාර්ග පිළිසකර කිරීමේ "පන්දහසක බල ඇණියකින් යුත් මහා ශ්‍රම මෙහෙයුම"අද (09) දින සිට ආරම්භ වූ බව එහි සංවිධායකයෝ පැවසූහ.
මහා වැසි ආපදා සමග බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වැව් අමුණු ඇල මාර්ග 1020 ඇති බව ට හඳුනාගෙන ඇති අතර ඒවා සති දෙකක් තුළ ප්‍රතිසංස්කරණය කර ගොවීන් ට මහ කන්නය වෙනුවෙන් ජලය නිදහස් කිරීම මෙම මෙහෙයුමේ අපේක්ෂාව බව සංවිධායකයෝ පැවසූහ.
මේ සඳහා ස්වේච්ඡා වෙන් පන්දහසක පමණ ශ්‍රම බලකායක් දායක වූ බවත් සියලු දෙනා අද හාලිඇල ප්‍රාදේශීය සභා භූමියට ප්‍රථමයෙන් එක් වී දිස්ත්‍රික්කය පුරා විනාශ වී ගිය වැව් අමුණු පිරිසකර කිරීම සඳහා ඒ ඒ තැන්වලට කණ්ඩායම් වශයෙන් බෙදී විසිර ගිය බවත් සංවිධායකයෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල් බලකාය මතක් වුණා. මේ ගොල්ලන්ට නිල ඇඳුම් දෙන්න කීයක් වියදම් වෙන්න ඇත්ද අප්පා? නිල ඇඳුමක් නැතුව ඔය වැඩේ කරන්න අමාරුද?
අපේ රටේ ජනතාවගේ එකමුතුව සහ රට වෙනුවෙන් කැපවීම පිළිබඳව ප්රණාමය පුදකරනවා .සියලුම කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා .