
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයෝ එක්ව පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අද (11) එම අමාත්‍යාංශයේ දී භාරදෙන ලදී.
කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon, ස්විස්ටර්ලන්ත තානාපති Dr. Siri Walt, පලස්තීන තානාපති Ihab I.M. Khalil, මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, ඕමාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී Said Al Harbi, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Alberto Arcidiacono යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබිය ශ්රී ලංකා ජාතිය ගොඩනැගීමේ අරමුදලට දායක වීමට කිසියම් මුලපිරීමක් කරනවාදැයි මම බලා සිටියෙමි, මෙතෙක් සෞදි අරාබිය දැඩි නිහඬතාවයක් අනුගමනය කරයි, ඇයි?