
(සුජිත් හේවාජුලිගේ)
කාලගුණ ආපදාවෙන් විපතට පත්වූ රාජ්‍ය සේවකයන් ලබාගෙන ඇති ණය මුදල් කපා හැරීමට හෝ පොලිය අඩු කිරීමට හෝ වෙනත් සුදුසු සහනයක් උපරිම මට්ටමින් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
රාජ්‍ය සේවකයන් රැසක් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන තනාගත් නිවාස ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රෝයි ද මැල් මහතා එම ලිපියෙන් දැනුම් දෙයි.
නිවාස අහිමිවී තිබිය දී එම නිවාස තනා ගැනීමට ගත් ණය මුදල් සහ පොලිය ගෙවීමට සිදුවීමෙන් ඔවුන් අද කබලෙන් ළිපට වැටි ඇතැයි ද ලේකම්වරයා පෙන්වා දෙයි.
මේ කරුණු සලකා එම රාජ්‍ය සේවකයන්ට උපරිම මට්ටමින් සහනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ද රෝයි ද මැල් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
කාලගුණ අාපදාවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 90ක් පමණ විපතට පත්ව සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර රජයේ සේවකයන්ගේ ජනාධිපතිද? පුද්ගලික අංශයේ අය ඔටුවෝද?
ඒ අදහස නම් ගොඩක් වටිනවා, සියලුම රජයේ සේවකයන් ආපදාවට පත්වෙලා ඉන්නේ. එහෙම සහනයක් ලබා දෙනවා නම් ගොඩක් ලොකු දෙයක්..