
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
පොහොර ලෙස නම්කර ලංකාවේ සිට අඩි 40 කන්ටේනරයක් තුළ ටැංසානියාවට යවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්කෝටි අසු හතරලක්ෂ අටසිය පනස් හයක් සමඟ ශ්‍රි ලාංකික සැකකරුවන් දෙදෙනකු ද ටැංසානියාවේ මත්ද්‍රව්‍ය පාලන සහ නීති බලාත්මක කිරීමේ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම පදිංචිකරුවන් වන 46 හැවිරිදි සහ 25 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.
මෙම දෙදෙනා සමග ටැන්සානියානු ජාතිකයන් පස්දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රි ලංකාවේ සිට පොහොර බැග් 450ක් තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය ටැංසානියාවට එවා ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපනයනය කර්මාන්තෙත් කඩා වැටෙන්න වගේ යන්නේ..?
පොහොර බෑග් 450ක් කිලෝ එක්කෝටි අසූහතර ලක්ෂ අටසිය පනස් හයක් තිබුණා නම් එක පෝර බෑග් එකක 18400856/450 = කිලෝ 40890.79 ක් තියෙන්න ඕනෑ. ඔය මත් ද්‍රව්‍ය යකඩ වලටත් වැඩිය බර දෙයක්ද?
කිලෝ කෝටියක් ඔය අඩි 40 කන්ටේනර් එකේ තිබ්බාද? හරි පුදුම මත්ද්‍රව්‍යයක් ඒක.
කිලෝග්‍රැම් එක්කෝටි අසූහතර ලක්ශයක් කියන්නේ ටොන් 18,400ක්. පොහොට බෑග් 450ක් කියන්නේ එක බෑග් එකක ටොන් 40ක්. කුඩු ගැන හොයන්න කලින් නැවක බඩු එක කන්ටේනර් පෙට්ටිකට පටවපු හැටි හොයන්න ඕනෙ.
ඉන්දියානු සාගරයේ මත්කුඩු බෙදාහැරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. අර කන්ටේනර් වලත් තියෙන්න ඇත්තේ ඕවා තමයි. ඇවන්ගාඩ් වගේ ආයතන වලට අභූත චෝදනා ගෙනත් ඒවා කඩාකප්පල් කරන්න ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ මෙහෙයවන්න ඇත්තෙත් මේ අයම තමයි. බඩ මූලික සිංහල සමාජයට මේවා තේරෙනකොට සියල්ල සිදුවී හමාරයි.
ඇත්තටම ආඩම්බරයි. මීට මාස දෙක තුනකට කලින් වර්තාවුණා. පද්මේගේ අයිස් ෆැක්ටරිය ගැන, ඒකේ විදේශිකයින්ටත් රැකියා අවස්ථා උත්පාදනය කරපු ව්‍යාපාරයක්. දැන් අපි විදේශයන්ට අපනයනයත් කරනවා වගේම රටේ ඩොලර් ආදායමත් වැඩිවෙනවා. පැහැදිළි නැත්තේ අපනයනය කළේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්ද, නැත්නම් ආනයනය කර, අමතර වටිනාකමක් එකතුකර කරන ලද අපනයනයක්ද කියලා...
අහු නොවී මීට ඉස්සර කොච්චර ගොඩක් ගිහින් ඇත්ද?
කාටද ආඩම්බර?
හොද වෙලාවට ටැන්සානියා ජොබ් කරලා මීට අවුරුදු ගාණකට කළින් අස්වෙලා ලංකාවට ආවේ. අද හිටියා නම් ඔෆිස් එකේ මූණ හංගන් තමයි ඉන්න වෙන්නේ... අපේ අය නම් ලස්සනට ජාත්‍යන්තරය ජය ගන්නවා.