
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
රුපියල් විසිපන්දහසේ සහනාධාර මුදල ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21431කට පමණක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් තිස් දහසකට එම මුදල ලැබී නැති බව ඇය සඳහන් කළාය. ඒ ගැන තමා කනගාටුව ප්‍රකාශ කරන බව කී කිරිඇල්ල මහත්මිය කාලගුණ ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51596 ආපදාවට ලක් වූ බවද ප්‍රකාශ කළේය.
එම පවුල්වලට සහනාධාර මුදල කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නැයි ඇය රජයෙන් ඉල්ලීමක් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද? පහුගිය කාලේ අප්පලා දුවලා මධ්‍යම අධිවේගවයන් හොරා කාපු මුදලින් බැරිද එම ජනතාවට සහනයක් සලසන්න.
ඉතිරි කොටසට පුතානෝගෙන් ඉල්ලා දෙන්න. මොකද ඔයාලාට වගකීමක් තියෙනවා නේද විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට පියවර ගන්න. ඡන්දය විතරක්ම නෙමේ..
තාත්තා හොරාකාපු සල්ලිවලින් ගෙවන්න.
මොකට කණගාටු වෙනවද? තාත්තන්ඩියා හොරාකාපු සල්ලි වලින් ටිකක් බෙදලා දෙන එකනේ ඇත්තේ...
තමුන්ට තාත්තා එක්ක එකතුවෙලා රටේ මහජන මුදල් හොරා කන විට කණගාටුවක් ලැජ්ජාවක් හිතුනේ නැහැ නේද ?
ඔච්චරයි මොවුන් දන්නේ..., හන්තානේ තාත්තත් එක්ක එකතුවෙලා හොරා හොරා කාපු ඉඩම් ගැන දැන් රටම දන්නවා.
හරියටම ගණන් හැදුවේ කොහොමද දන්නේ නෑ.
අනාථ වුණු අය ගැන ඔච්චර කැක්කුමක් තියෙනවා නම් බලය පාවිච්චි කරලා තක්කඩිකමෙන් ලියාගත්තු හන්තාන වකතන් ඉඩම් කැබලි දෙන්නකෝ අනාථ වුණු අයට.
අනේද කියන්නේ...? කණගාටු වෙන්න එපා... අඩන්න
බොරු කියන්න එපා , තාත්ත අධි වේගෙන් ගහපුවා තියෙනවා නේද, සජියට හරි නැමොලයට හරි කියලා සල්ලි අරන් දෙන්න එයාලා දැන්කල එළි බැහැලා ඉන්නේ...
හැමදාම රජයෙන් කියනවා 1904 ට කතා කරන්න කියලා. එයාලා එය කරාවි. ඔයා පාඩුවේ ඉන්න...