(කේ. බුද්ධික කුමාරසිරි)


නාවල සේනානයක මාවත අසලදී මෝටර් රථයක් තුළ  ඊයේ (18) දින රාත්‍රී  දී සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.

අදාල සිද්ධිය වූ අවස්ථාවේදී  එම ස්ථානයේ සිටි කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඇය මරණකරුගේ සහ සැකකරුගේ යන දෙදෙනාගේම පෙම්වතිය බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් මෙම ඝාතනය පෙම් සබදතාවයක් මත සිදු වූ ඝාතනයක් බවට සැකකරන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මනෝජ් කුමාර නමැති 48 හැවිරිදි  පුද්ගලයෙකි.

තුවාල ලැබූ කාන්තාව අගලවත්ත මහගම ඕමත්ත ජනපදය හි පදිංචි 23 හැවිරිදි අයෙක් වන අතර සැකකරු මතුගල නෑබඩ පීල්ල මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 20 හැවිරිදි අයෙකි.