
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජපානයේ අසුනාරෝ අඕකි ඉදිකිරීම් සමාගම ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ඊට අදාළ චෙක්පත Asunaro Aoki Construction Co Ltdහි සාමාන්‍යාධිකාරී Seiji Sakuraike මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතාට ජනාධිපති කාර්යාලයේදී පිරිනැමුවේය.
Asunaro Aoki Construction Co Ltdහි අධ්‍යක්ෂ/විධායක නිලධාරි Shinsuke Murakami සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජීව ලෙවන්ගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS