(අංජුල මහික වීරරත්න)

ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී ඇරැඹිණි. 

සියලුම පළාත් නියෝජනය කරමින් තරුණ ක්‍රීඩික ක්‍රීඩිකාවෝ ඊට සහභාගී වූහ. 

ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් පසු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල පවත්වා මෙම ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙයි. 

ඒ අනුව අද (20) මලල ක්‍රීඩා පැවැත්වීමට නියමිත අතර හෙට (21) සමාප්ති උත්සවය පැවැත්වේ. 

ආරම්භක උත්සවයේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු රට ගොඩනැගිය හැකි තාරුණ්‍යය සිටින්නේ ලංකාවේ ශක්තිමත්ම ස්වේච්ඡා තරුණ ව්‍යාපාරය වන Youth Club සතුව බවයි.

එම තාරුණ්‍යය සමග එක්ව මෙරට ගොඩනැගීමේ වගකීම බාරගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා කීවේ.

ආපදා මොහොතේත් ජාතික යෞවන ක්‍රීඩා උළෙල පැවැත්වීමට තීරණය කළේ රටක් ලෙස නැවත නැගී සිටීමේ පියවරක් ලෙස බවයි.

කතානායක ජගත් වික්‍රමරත්න මහතාද මීට සහභාගී විය.