(ප්‍රසාද් රුක්මල් )

දිට්වා සුලි කුණාටුවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවන් වලින් අනතුරුව ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල අතර දුම්රිය ධාවනය දින 22කට පසුව අද (20) ආරම්භ වනබව දුම්රිය පාලක මැදිරිය පවසයි .

මේඅනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.00ට අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කර එම දුම්රිය පෙරවරු 11.46 ට අඹේවෙල දුම්රිය ස්ථානය ට ලගාවීමට නියමිත අතර, පස්වරු 3.00ට බදුල්ලෙන් පිටත්වන අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට අබේවෙල දුම්රිය ස්ථානය ට ලගාවෙන බවත්, අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට ගමන් ආරම්භ කරන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය දහවල් 1216ට බදුල්ල දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව ඇති අතර , අබේවෙල සිට පස්වරු 3.00ට ගමන් ආරම්භ කරන අංක 1015 දරන උඩරටමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට බදුල්ල දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව ඇතයි දුම්රිය බළධාරින් පැවසූහ .

දේශිය විදේශීය සංචාරකයන් ගේ මෙන්ම දුම්රිය මගීන්ගේ පහසුව තකා මෙම දුම්රිය මෙසේ බදුල්ල අබේවෙල අතර ධාවනය කරන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .