
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය පරණ කෝච්චි පාලම මාර්තු 31ට පෙර සාදා නිම කර සිංහල අලුත් අවුරුද්දට පෙර නුවරට කෝච්චි ගෙනියන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ රුපියල් කෝටි පනස්දහසක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.
බිමල් රත්නායක මහතා මෙසේද සඳහන් කළේය
අලුත් පාරවල් දාහතරක් ජනවාරි පළමු වැනිදා හදන්න පටන් ගන්නවා. දැදුරු ඔය පාලම තාවකාලිකව හැදුවා.
අලුත්ම පාලම් දෙනවා. පේරාදෙණිය පරණ දුම්රිය පාලම මාර්තු 31 ට පෙර හදලා සිංහල අවුරුද්දට පෙර නුවරට කෝච්චි ගෙනියනවා. පේරාදෙණිය රේල් පාර ඩබල් ට්‍රැක් කරන්න කියලා තියෙනවා. ඒ නිසා දුම්රිය පාරටත් ට්‍රැක් දෙකේ විශාල පාලමක් හදනවා.
COMMENTS
වැලි කොට්ට ගොඩගහලා රේල්පාර හදනවා කියලා මවා පෙන්වයිද දන්නේ නැහැ. එහෙම වුනොත් දෙවියන්ගේම පිහිටයි.
අපොයි ඔව්. මෙයාට මොනවාද කරන්න බැරි? මල්වතු ඔය මඩකලපුවට හැරෙව්වා. රතු සීනිවලින් රට පිරෙව්වා. ඒ නිසාම රතු සීනි මාමා වුණා. උතුරේ ලුණු ෆැක්ටරි එකක් ඕපන් කරලා ලුණු හිගය නැති කරලා ලුණු මිල අඩු කළා.. තව ජාත්‍යන්තර සමුළුවලදී ඉන්ග්‍රීසි විශිෂ්ඨ ලෙස භාවිතා කරලා රටේ නම ඉහළින්ම තිබ්බා නොවැ.
අහන්නත් සතුටුයි ඇමැතිතුමනි, නුවරට කෝච්චිය ගෙනත් දෙන්න සිංහල අවුරුද්දට පෙර, ඇල්ලට කෝච්චියත් ඉක්මනට හදන්න...
වැඩේ කරන්න පටන් ගන්න කලින් ඉවර කරන දින ගැන කයිය ගහන්න එපා බං. මහ මෝඩ හරක්. මේක ලංකාව නොයෙකුත් හදිසි කරදර එන්න පුළුවන්. වැඩේ ඉවර වේගන එන කොට දින දෙන්න. නිකං පීචං වෙන්න එපා.