(අංජුල මහික විරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව  සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා මෙම විවාදයේදී මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස අදහස් දැක්වීමට නියමිතව නියමිතව ඇත.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම  වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.