සියයට 60 වැඩි පිරිසක් ඡන්ද පොළට උදෑසන 7.00 සිට පස්වරු 2.00 පමණ වන විට ලැබුණු වාර්තා අනුව සියයට 60 කට වැඩි පිරිසක් මේ වනවිට ඡන්දය භාවිතා කර තිබේ. 16 November 2019
ආදිවාසි නායකයා දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ දඹාන ආදිවාසී ගම්මානයේ පිහිටි දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී අද (16) සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. 16 November 2019
පස්වරු 1 වන විට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 139 ක් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිට පස්වරු 1 දක්වා කාලයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් 139 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 16 November 2019
මුලතිව් ඡන්ද මධ්‍යස්ථානයක් වීඩියෝගත කළ අයෙක් අත්අඩංගුවට මුලතිව්- මුල්ලිවයික්කාල් නැගෙනහිර දෙමළ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ඇතුළත වීඩියෝගත කළ වෙබ් අඩවියක වාර්තාකරුවකු අද (16) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි. 16 November 2019
‘‘ඡන්දය දාන්න යද්දි වෙනත් කෙනෙක් ඡන්දය දාලා‘‘ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙද්දී වෙනත් අයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ගලේවෙල මැදබැද්දේ පදිංචි කාන්තාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. 16 November 2019
නීති විරෝධී පත්‍රිකා බෙදූ තවක් අයෙක් බලංගොඩින් අල්ලයි බලංගොඩ විකිලිය නාරද විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදී අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයේ අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 November 2019
එජාපයේ - පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමක් - 3 ක් රෝහලේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) පොහොට්ටුවේ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 16 November 2019
අපේක්ෂකයකුගේ ඡන්ද ලකුණ සහිත පත්‍රිකා 600 ක් සමඟ අයෙක් අත්අඩංගුවට ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද පත්‍රිකා 600 ක ප්‍රමාණයක් සමඟ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අද (16) තල්ගස්වල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි. 16 November 2019
ආදර්ශ පත්‍රිකා ඡන්ද පොළට ගෙන ගියැයි ඡන්ද නියෝජිතයෙකු අත්අඩංගුවට නුවරඑළියේ ඡන්ද මධ්‍යස්ථානයක් තුළට ආදර්ශ ඡන්ද පත්‍රිකා 5 ක් රැගෙන ගියැයි සැකපිට ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයෙකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි. 16 November 2019
අපේක්ෂකයකුගේ සළකුණ සහිත පත්‍රිකා බෙදූ අයෙක් අත්අඩංගුවට හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ තල්ගස්වල නගරයේ දී අපේක්ෂකයකුගේ සළකුණ සහ කතිරය ලකුණු කරන ලද කුඩා පත්‍රිකා ඡන්ද දායකයින්ට බෙදම්න් සිටි පුද්ගලයකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 November 2019
අපේක්ෂක නමක් සහිත කාඩ්පත් බෙදුවේයැයි බොරලැස්ගමුවේදී තිදෙනෙක් සැකපිට ජනාධිපතිවරණ අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් ඔහුගේ නම සහ සලකුණ ඇතුළත් කර ඒ ඉදිරියෙන් කතිර සලකුණ යොදා ඇති කාඩ්පත් මහජනයා වෙත බෙදා හරිමින් සිටි බව කියන තිදෙනකු බොරලැස්ගමුව කටුවාවල හංදියේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 16 November 2019
දහවල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද දහවල් 12 වන විට සියයට 50 ට වැඩි ප්‍රතිශතයක් පැවති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 16 November 2019
ඡන්දය සළකුණු කොට ඡයාරූපගත කරලා දොඩන්දූව රෝහණ විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කර එය සිය ජංගම දුරකතනයෙන් ඡයාරූපගත ගත කළ නාවික හමුදා සෙබලෙකු අද (16) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 16 November 2019
ඡන්ද පොළට ගිය නිරීක්ෂක හෘදයාබාදයකින් මරුට හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය පුද්ගලයකු හෘදයාබාදයක් නිසා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. 16 November 2019
ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් පත්‍රිකාවක් පෙට්ටියට දැමූ අයෙක් අත්අඩංගුවට බණ්ඩාරගම රයිගම පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය භාවිත කිරීමට පැමිණි පුද්ගලයෙක් ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් පත්‍රිකාවක් ඡන්ද පෙට්ටියට දැමීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා එය දැක පොලිසියට දැනුම් දී තිබේ. 16 November 2019
අත්පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවකු බලංගොඩදී අත්අඩංගුවට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක්තරා දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා තොගයක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල තබාගෙන සිටි බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය කියයි. 16 November 2019
හොර ඡන්ද පත්‍රිකා 25ක් සමඟ වැල්ලවදී දෙදෙනකු අත්අඩංගුවට වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල යතුරුපැදියක සඟවා සිටි ව්‍යාජ ඡන්ද පත්‍රිකා 25ක් සමඟ දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 November 2019
ජනාධිපතිවරයා සිය ඡන්දය භාවිතා කළ අයුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව නව නගරයේ පිහිටි ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිටිහි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (16) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කළේය. 16 November 2019
ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ ලිඳුල නගර සභාවේ උප සභාපති අත්අඩංගුවට ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය. 16 November 2019
තන්තිරිමලේදී ලංගම බස්රථයකට වෙඩි තබුවැයි පැමිණිල්ලක් පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට පුද්ගලයින් ප්රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 16 November 2019
විපක්ෂනායක මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය. 16 November 2019
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (16) උදෑසන 7ට ආරම්භ විය. 16 November 2019
ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින්න ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන හා අත්‍යාවශ්‍ය ගමන් මළු ආදිය රැගෙන යාමෙන් වළකින්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි. 15 November 2019
ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් - යුටියුබ් වලින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 15 November 2019
අකුරුගෙදර ගම්වැසියන්ට ඡන්දය දාන්න යන්න බස් රථ ගාල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මිල්ලව, අකුරුගෙදර ගම්මානයේ වැසියන්ට ඡන්ද මධ්‍යස්ථානය ඇති දුර වන කිලෝ මීටර් 50 පැමිණීම සඳහා බස් රථ යොදන්නැයි පැෆරල් සංවිධානය කළ ඉල්ලීමට අනුව මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වී බස් රථ යොදවා ඇත. 15 November 2019
ගලහ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ගම්පොල ඡන්ද කොට්ඨාසයේ, ගලහ, ගුරුකැලේවත්තේ, මිල්ලව වතුයායට පැමිණි පිරිසක් එම වතුයායේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ගසා ඡන්දය දීමට නොයන්නැයි තර්ජනය කර ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත. 15 November 2019
අකුරැස්ස ප්‍රා.සබේ හිටපු සභාපතිගේ නඩු තීන්දුව ජනවාරි 9 වැනිදා බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(15) තීන්දු කළේය. 15 November 2019
ගෝඨාභයට අපහාස වන අත්පත්‍රිකා බෙදූ දෙදෙනාට ඇප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසයක් වන අත්පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන පුද්ගලයින් දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා අද (15) නියෝග කළේය. 15 November 2019
‘ඉතිහාසයේ පළමු වරට සාධාරණ මැතිවරණය පැවැත්වෙනවා’ මෙවර ජනාධිපතිවරණයේ දී රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 15 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026