‘ජනපති-අගමැති පක්ෂ දෙකක ඉඳගෙන කටයුතු කරන්න බැහැ’ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මහා මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී අද (18) පැවසීය. 18 November 2019
වැලිකන්දේ රක්ෂිතයක ජීව අත්බෝම්බ 3ක් වැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද(18) හමු වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 18 November 2019
‘මාර්තු වෙනකම් නොසිට මහ මැතිවරණයක් පවත්වන්න’ ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. 18 November 2019
ඇමැතිවරු 9 ක් ඉල්ලා අස්වෙති ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමඟ ඇමැතිවරු 9 දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූහ. 18 November 2019
නව ජනපතිට ජපානයේ අගමැතිගෙන් සුබ පැතුම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා ද සුබපැතුම් පිරිනමා තිබේ. 18 November 2019
මැතිවරණයක දී ආගමික ස්ථාන යොදා නොගන්නැයි ඉල්ලීමක් කරන්න යයි මැතිවරණවල දී ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නැවත සළකා බලන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය කියයි. 18 November 2019
කරුණාගේ ප්‍රකාශයක් ගැන විමර්ශන අරඹයි එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු උප නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 18 November 2019
ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම් ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. 18 November 2019
අශෝක් අබේසිංහත් ඉල්ලා අස්වෙයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය ධූරයෙන් අද (8) ඉල්ලා අස්වී තිබේ. 18 November 2019
කතානායකගෙන් ජනාධිපතිට සුබ පැතුම් ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කතානායක කරූ ජයසූරිය මහතා අද (18) සුබ පැතුම් එක් කළේය. 18 November 2019
‘රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා‘ රටේ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 November 2019
මුස්ලිම් පල්ලියකට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට නිවිතිගල කලවාන පාරේ ගැටනිගෙවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගල් ගැසූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව නිවිතිගල පොලිසිය පවසයි. 18 November 2019
චම්පික තනතුරු අතහරී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 18 November 2019
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය. 18 November 2019
රිෂාඩ්ගේත් හිස්බුල්ලාගේත් ආධාරකරුවෝ නිවසකට කඩාවැදී ගහගනිති දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් කාලගොට්ටියක් ඇතිවි තිබු බව පුත්තලම පොලිසිය පවසයි. 18 November 2019
විග්නේශ්වරන්ගෙන් ගෝඨාභයට සුබපැතුම් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුභ පැතුම් එක්කරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සඳහන් කර සිටී. 18 November 2019
හංසයාගේ කටුනායක පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක්:6ක් අත්අඩංගුවට කටුනායක පොලිස් බල ප්‍රදේශයේ වල්පොල, අඩිඅම්බලම නිවසක පවත්වාගෙන ගිය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලයකට පහර දී ඇතැයි කටුනායක පොලීසිය කියයි. 18 November 2019
අගමැති ඇතුළු පක්ෂ නායකයන්ට ගෝඨාභයගෙන් ආරාධනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂවල පක්ෂ නායකයන්ට අනුරාධපූර රුවන්වැලිසෑයේ පැවැත්වෙන තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන ලෙස නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ. 18 November 2019
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට බදුල්ල වේවැල්හින්න මහ වංගුව ප්‍රදේශයේදි මෝටර් රථයක් ප්‍රපාතයට පෙරැළී පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2019
ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය. 17 November 2019
ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම් ප්රජාතන්ත්රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි. 17 November 2019
‘‘පාර්ලිමේන්තු මැතිවරණය ගැන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරනවා‘‘ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 November 2019
රුවන් විජයවර්ධන ධූරයෙන් ඉවත්වෙයි ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 17 November 2019
කරුණාරත්න පරණවිතාන තනතුරෙන් ඉවත්වෙයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 17 November 2019
පකිස්තාන - මාලදිවයින ජනපතිවරුන්ගෙන් ගෝඨාභයට සුබපැතුම් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාකිස්තානයේ සහ මාලදිවයිනේ ජනාධිපතිවරු ද අද (17) සුබ පැතූහ. 17 November 2019
මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 17 November 2019
මෝදි හමුවන බව ගෝඨාභය කියයි නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 17 November 2019
‘ජනපතිවරණයෙන් ජයනොගත්තත් ඉදිරියටත් වගකීම ඉටුකරනවා’ ජනපතිවරණයට තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයගෙන නොතිබුණද, රටත් ජනතාවත් වෙනුවෙන් නොසැලී ඉදිරියටත් සිය වගකීම හා යුතුකම මදකුදු අඩුනොකර ඉටුකරන බවද ජාතික ජනබලවේගය අද(17) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 17 November 2019
‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’ අතුරුදහන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 17 November 2019
ජනපති මෛත්‍රීගෙන් ගෝඨාභයට සුබපැතුම් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුභපතන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරයි. 17 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026