ජපානයේ විදේශ ඇමැතිගෙන් ජනපතිට සුබ පැතුම් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංෂණය කරන බව ජපානයේ විදේශ අමාත්‍ය මොතෙගි තොෂිමිත්සු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි 19 November 2019
හර්ෂ ද සිල්වා ඇමැති ධූරයෙන් ඉවත් වෙයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 November 2019
දළදා සමිදුන් වැඳපුදා ගන්න ජනපති හෙට මහනුවරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතව තිබේ. 19 November 2019
ඉන්දීය විදේශ ඇමැති ලංකාවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා අද (19) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 19 November 2019
පාර්ලිමේන්තු කටයුතු ගැන මේ සතියේ තීරණයක් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර මේ සතියේ දී තීරණයක් ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද (19) පැවසීය. 19 November 2019
රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම 25 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම මෙම මස 25 වැනිදා පස්වරුවේ සිදුකෙරේ. 19 November 2019
ලක්ෂ 7ක මත් මුද්දර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුත් මත් මුද්දර 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය පැවසීය. 19 November 2019
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව කල්යයි සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (19) නියම කළේය. 19 November 2019
ශ්රීලනිපය විමසිල්ලෙන් ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය අධ්‍යයනය කර ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 19 November 2019
සජිත්ගේ පරාජයට පක්ෂයේම පිරිසක් වගකිව යුතුයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් වගකිවයුතු බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා කොළඹදී පැවැසීය. 19 November 2019
අල්ලස් ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට පුද්ගලයකුගෙන් රුපියල් 2,000ක අල්ලස් මුදලක් ලබාගත් කුලියාපිටිය කරගහගෙදර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු පොල්පිටිය සමෘද්ධි ප්‍රජා මූල බැංකුව අසළදී අද(19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 19 November 2019
ඡන්දය අහිමි වූ කතට අධිකරණයට යා හැකියි ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය වෙනත් අයෙකු පාවිච්චි කිරීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ ඡන්දදායිකාවට එම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි යැයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 19 November 2019
අයි.සී.සී.ආර් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 2020-2021 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් අයි.සී.සී.ආර්. ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවා ඇත. 19 November 2019
ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇතැයි එහි හිටපු වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 19 November 2019
ලංගමයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙක් රිමාන්ඩ් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු ලබන 3 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය. 19 November 2019
මහාචාර්ය රොහාන් සමරජීවට එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතාව පිළිබඳ ඉහළ තනතුරක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඩිජිටල් සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කරනු ලැබ ඇත. 19 November 2019
‘මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවනවා’ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 19 November 2019
ජයසුන්දර-ගුණරත්න-ආටිගල ඉහළම තනතුරු තුනකට ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද, මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද අද(19) පත් කර තිබේ. 19 November 2019
සාපෙළට හැඳුනුම්පත් නැති අයට අනන්‍යතා පත්‍ර 65,000 ක් එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්පත්කරුවන් අතරින් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති විභාග අපේක්ෂකයින් සඳහා වලංගු අනන්‍යතා පත්‍ර 65,000 ක් මේ වන විට නිකුත් කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. 19 November 2019
හේමසිරි- පූජිත් තවදුරටත් රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද ( 19) නියෝග කළේ ය. 19 November 2019
ජනපති සිය ධුරයේ වැඩ අරඹයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. 19 November 2019
ජනපති ගෝඨාභයට නිල ධජයක් ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිල ධජයක් නිර්මාණය කර තිබේ. 18 November 2019
ජනාධිපතිට චීනයෙනුත් සුබ පැතුම් මෙරට නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක් කර ඇත. 18 November 2019
ලොකු පුටු තුනකට නම් තුනක් ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද, ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 18 November 2019
රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා සියලුම රාජ්‍ය ආයනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. 18 November 2019
‘‘සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනපතිවරණය සාමකාමියි‘‘ සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමී යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය අද (18) පස්වරුවේ පැවැසුවාය. 18 November 2019
යුරෝපා සංගමයෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට සුබ පැතුම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමය නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත. 18 November 2019
‘ලංකාදීප‘ ලාංඡනය අනිසි භාවිතාවක ‘ලංකාදීප‘ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය යැයි හැඟවෙන පරිදි කිසියම් පුද්ගලයකු /කණ්ඩායමක් විසින් අන්තර්ජාලයේ ප්රවෘත්ති පළ කරනු ලබන බව දැක ගත හැකිය. 18 November 2019
වවුනියාවේ එජාප සංවිධායකට පහරදෙයි දේශපාලන ආධාරකරුවන් පිරිසකගේ පහරදීමකින් වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී. ඒ. කරුණාදාස මහතා තුවාල ලබා, අද (18) රෝහල්ගත කර ඇතැයි වවුනියාව පොලීසිය පැවසීය. 18 November 2019
ආණ්ඩු පක්ෂයේ තීරණය 20 වැනිදා ඉදිරියටත් ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බදාදා (20) දිනයේ යළි රැස්වීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද (18) තීරණය කර තිබේ. 18 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026