
(එච්.චන්දන)
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී පුද්ගලයෙකුගෙන් රුපියල් 92,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ග බාධකයේ සේවය කළ උප පෙලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය කියයි.
මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකු මහවැව පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිට ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඒ අතර සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු යතුරු පැදියකින් මීගමුවේ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටින විට මහවැව පොලිස් මාර්ග බාධකයේ ගැටී එහි තිබූ විදුලි පහනකට හානි සිදුවී ඇති අතර පසුව එම පුද්ගලයා එම විදුලි පහන ගෙනවිත් සවි කර දී ඇති බව පොලිසිය කීය.
එම අවස්ථාවේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදිකරුගෙන් මුදල් ඉල්ලා ඇති අතර නමුත් තමන් අත මුදල් නොමැති බව ඔහු පවසා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ තමන් සතුව තිබූ වෙනත් අයෙකුට අයත් රුපියල් 92,000 ක මුදලක් අස්ථාන ගතවී ඇති බැවින් එම මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඊට ප්‍රතිචාරයක් ලෙස උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම පුද්ගලයාට බැන වැදී පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් කිරීමට සුදානම් වන බවට දැන ගෙන ඇති මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මේ බව මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැණුම් දීමට කටයුතු කර ඇත.
තමන් එපා කියද්දී රුපියල් 2000 ක මුදලක් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ලබා දුන් බව පවසා එම මුදල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත බාර දීමටද අදාල පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මේ බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැණුම් දීමට කටයුතු කර ඇත.ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය..
(ඡායාරූප - හිරාන් ප්‍රියන්කර ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට හොරු, තක්කඩි මං කොල්ලකාරයන් කුඩ්ඩන් රිංගුවා... දේශපාලනය පිරිහුණා ... පොලිසියටත් එසේ වුණා. පොලීසියත් පිරිහුණා... බුද්ධ චීවරයටත්, එවැනි අය මුවාවුණා. බුද්ධ චීවරයත්, පිරිහුණා. තවත් බොහෝ අංශ වලටත් එසේ වුණා. ඒ අංශත් එසේම පිරිහුණා. මේ ආකාරයට රටම පිරිහුණා. අනේ රටකට ගිය කලක්...!!!
අලුත්ගමගේ මහත්මයා කලබල වෙන්න එපා පොඩ්ඩක් ඉවසන්න.
ඵක පැත්තක නාකොටික් තව පැත්තක බන්ධනාගාර, STF, හමුදාවට බැඳිල පැනගෙන පතාලය සමග සම්බන්ධ වන අය, කප්පම් ගන්න රජයේ නිලධාරීන්. හොරට කාලය කා දමමින් ඉන්න රජයේ සේවකයන් දිහා බලද්දී රටට මොනතරම් විපතක් ද මේ සිදුවෙලා තියෙන්නේ. පලමුවත් දෙවනුවත් තුන්වෙනුවත් ,දුෂණය දුෂණය දුෂණය.
අනේ අපේ රටට ගිය කල. සිරසේ සිට පාදයට ඔක්කොම හොරු. අපි ධාර්මිෂ්ඨ වෙන තුරු රට හැදෙන්නේ නැහැ.
දැන්නම් නියමෙටම යනවා හොරා පොලිස් සෙල්ලම.
මොනවද ලතා, මේ කතා.?