
(එම්. කේ .නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වන පිරිස් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමට මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු යොදා ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
අද (21) සිට පෙරහැර මංගල්‍යයට සහභාගි වන ආරක්ෂක අංශ ඇතුලු සියළු අංශයන්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් 50 දෙනෙකු දිනක් හැර දිනක් මෙම පරීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බව සමන් දිසානායක මහතා සඳහන් කළේය.
පෙරහැර මංගල්‍යයට සහභාගි වන සියලුම නිලධාරීන්ගේ නම ලිපිනය, දුරකථන අංකය ඇතුළු විස්තර වාර්තාවක් ලබා ගැනීමටද නියමිත බව ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය කෙහෙල්මල නොතියා ඉන්නකෝ, අර මහලොකුවට උඩදාන් යන තිරුපති වලත් කපුවන්ට දෙයියෝ බලලා නැති එකේ දැන්වත් ඔය විකාර නවත්තන්න.
තිරුපත් කපුවත් කොරෝනා වලින් මියගිහින්. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.