
(ක.ග.කරුණාරත්න)
කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මොවුහු ප්‍රතිකාර සඳහා අද(22)අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබේ.
තුවාල කරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කළ විමසුමකදී පැවැසීය.
කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබේ.
කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු මෙහි ප්‍රතිකාර ලබමින් සිටිති.
ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇතිවී තිබෙන බව කියති. ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන්ද එකිනෙකාට පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
එහි ආරක්ෂක කටයුතු බාරව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිබෙන බවද පොලීසිය සඳහන් කලේය.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තව සුමාන දෙකකට පසුව කියයිද දන්නේ නැහැ එම ගැටුම නවතන්න මැදිහත්වූ හමුදා නිලධාරීන්ට කොරෝනා වලදී ඇති නිසා ඔවුන් ආශ්‍රය කරපු අයව හොයනවා කියලා.
හමුදාවට බෝ කරන්න ගත්ත උත්සහයක් වෙන්න පුළුවන්.
මේ අය රටටම වසංගතයක්
ගහගත්තා නෙමෙයි මරා ගත්තත් බේරන්න යාමේදී අතින්වත් අල්ලන්න එපා. කිට්ටුවට වත් යන්න එපා. එහෙම ගිහිල්ලා ආරක්ෂක අංශ බෝකරගත්තොත් වැඩේ ලේසි වෙන එකක් නැහැ. වැලිසර නාවික හමුදා කදවුරට වුනා වගේ දෙයක් නොවීමට වගබලා ගන්න...
කුඩු ගෙන්නන අය අල්ලලා දැඩි දඬුවම් දෙන්න.